කොළඹ කොටස් අද පල්ලමේ..

 


අද (27) දින ගනුදෙනු අවසන් කරන විට කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන දර්ශක දෙකෙහිම පහත වැටීමක් වාර්තා විය. 

කෙසේ වෙතත්, දෛනික ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 7 සීමාව ඉක්මවා යමින් ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයකි.

අද දින ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 23,734.06 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 47.17 ක (0.20%) අඩුවීමකි. 

වඩාත් කැපී පෙනෙන පහළ යාමක් ප්‍රමුඛ පෙළේ සමාගම් නියෝජනය කරන S&P SL20 දර්ශකයෙන් පෙන්නුම් කළ අතර, එය ඒකක 74.20 කින් (1.11%) පහළ බැස ඒකක 6,635.97 ක් ලෙස සටහන් විය.

මුළු පිරිවැටුම: රුපියල් 7,013,445,926.60

ගනුදෙනු වූ කොටස් ප්‍රමාණය: 369,293,512

මුළු ගනුදෙනු සංඛ්‍යාව: 39,060

Previous Post Next Post