ට්‍රැක්ටරයකට යටවී දරුවෙකු මිය යයි..

 


ගල්ගමුව පොලිස් වසමේ 39 කන්ද ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ළමයෙකු ට්‍රැක්ටර් රථයක රියදුරු අසුන අසල ඇති මඩ්ගාඩයට නැගීමට යාමේදී ඇද වැටීමෙන් එම රෝදයට යටවී අනතුරක් සිදුව ඇත. අනතුරට පත් තුවාලකරු ගල්ගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත

මරණකරු වයස අවුරුදු 15 ක් වූ මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගල්ගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


Previous Post Next Post