ශ‍්‍රීපාද වන්දනාවේ ගිය මෝටර් රථයක් ප‍්‍රපාතයට පෙරලේ..


 ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් කළ තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

23 පස්වරු මෙම අනතුර සිදුව ඇත්තේ නෝටන්බ්‍රිජ් - ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ 3 කණුව ප්‍රදේශයේදීය.

අනතුරින් තුවාල ලැබූවන් වහාම ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. අනතුරින් මෝටර් රථයටද දැඩි අලාභහානි සිදුව ඇත.

නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Previous Post Next Post