පොලිස් ඇමතිට ඉල්ලා අස්වෙන්නැයි කියයි...

 


නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි. 

මෙම ඝාතනය ආසියාවේ පැරණිතම නීති පද්ධතියක අඛණ්ඩතාවයට මෙන්ම මෙරට නීතිය හා සාමය පවත්වාගෙන යාමට දැවැන්ත අහිතකර බලපෑමක් එල්ල කර ඇති බව එක්සත් ජාතික පක්ෂය මඟින් නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වේ.

නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇති වූ ආරවුලකදී පොලිස්පතිවරයා පක්ෂග්‍රාහී පිළිවෙතක් අනුගමනය කළ පසුබිමක මෙම ඝාතන සිදුව ඇති බව එම නිවේදනය පෙන්වා දෙයි. 

සිද්ධියෙන් පැය දෙකක් ඇතුළත, කිසිදු පරීක්ෂණයකින් තොරව මෙය සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් සිදු කරන ලද්දක් බවට පොලිසිය කළ ප්‍රකාශය හරහා ඔවුන්ගේ විමර්ශන හැකියාව සහ කැමැත්ත පිළිබඳ බරපතල ප්‍රශ්න මතු වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බැවින් අපක්ෂපාතී පරීක්ෂණයක් ඔවුන්ගෙන් අපේක්ෂා කළ නොහැකි බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

පවතින තත්ත්වය හමුවේ නීතිය හා සාමය පිරිහීමට වගකිව යුතු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි.

නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා සාකච්ඡා කර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ද කැමැත්ත ඇතිව මෙම ඝාතන විමර්ශනයට සුදුසු පොලිස් කණ්ඩායමක් පත් කළ යුතුය.

ලක්සම්බර්ග් සම්මුතිය සහ නීතිඥවරුන්ගේ ආරක්ෂාව සඳහා වූ යුරෝපීය කවුන්සිලයේ සම්මුතිය (9.4 වගන්තිය) ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිපාලනමය හා ව්‍යවස්ථාදායක පියවර ගත යුතුය.

මෙවැනිම සිදුවීම් මෙක්සිකෝව, ඉක්වදෝරය සහ බ්‍රිතාන්‍ය කොලොම්බියාව වැනි රටවලින් ද වාර්තා වන බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය, "නීතිඥයා ආරක්ෂා නොකළහොත් කිසිවෙකු ආරක්ෂා නොවේ" යන පොදු රාජ්‍ය මණ්ඩල සංගමයේ ස්ථාවරය අනුමත කරන බව ප්‍රකාශ කරයි. 

නීතිඥයින්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සහ සහාය ලබා දීමට පක්ෂයක් ලෙස තමන් කැපවන බව ද එම නිවේදනයේ සඳහන් වේ




8 Comments

  1. ඔව්. පූජිත ව දාමු 😂

    ReplyDelete
    Replies
    1. උබේ ජාතකේ වැරැද්දක් බන්

      Delete
  2. These false news spread by lankacnews backed by wimal

    Hiru news
    Ada derana news

    Punish these media immediately

    ReplyDelete
    Replies
    1. get accurate true and credible news from Palawatta, Rupavahini, ITN, Sirasa, lapaya, handuna, lakmali, hawage, and so on..

      Delete
  3. මාධ්‍ය වේදීන් ඝාතනය කරපු කාලෙත් ඔය වගේ ඉල්ලීම් කලා ද?

    ReplyDelete
    Replies
    1. පේමකීර්ති, සාගරිකා ගෝමස් වගේ මාධ්‍ය වේදීන් විතරක්ද​? මැති, ඇමති, උපකුලපති, නීතීඥ වරු වගේම සඟ වෙද ගුරු ගොවි කම්කරු සියලු තරාතිරම්වල අය මරල දාද්දි ඒ කාලෙ ඉල්ලීම් කරේ නෑනෙ. ඇයි දැන් එහෙම ඉල්ලන්නෙ?

      Delete
  4. සමස්ථ නීති ප්‍රජාව විසින් මහජන ආරක්ෂාව වෙනුවෙන් කොළඹට රැස් වී ගත් ඉතා හොඳ තීන්දුවක්

    ReplyDelete
  5. කොස්තාපල් පුන්ඟසෝමFebruary 16, 2026 at 8:50 PM

    කොස්තාපල් ආනන්ද විජේපාලගේ සුදුසුකම් කියමු බලන්න .

    ReplyDelete
Previous Post Next Post