මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ඇති ජාතික ජන බලවේගයේ දේශපාලන කාර්යාලයකට කිසියම් පිරිසක් විසින් හානි පමුණුවා තිබේ.
මෙම සිදුවීමට අදාළව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මිද්දෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මහජන දිනය නිමිත්තෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙරවරු 9.00 ට කාර්යාලයට පැමිණීමට නියමිතව තිබුණි.
ඒ සඳහා පූර්ව සූදානම් කටයුතු වෙනුවෙන් උදෑසනම කාර්යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් මෙම විනාශය දැක ඇත.
මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අලුත්ම කොමඩිය.තමන්ම ගහ ගැනීම මිනීමැරීම් අවදානය බිදීමට.
ReplyDelete
ReplyDeleteඅළුත්ම ක්‍රමය . තමන්ම ගහගැනිම