නීතිඥවරුන් සිය වෘත්තීය රාජකාරි ඉටු කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින්, බුද්ධි අංශ වාර්තා මත පදනම්ව නීතිඥවරුන්ගේ සහ විමර්ශන නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට රජය කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අපරාධකරුවන්ගෙන් තර්ජන එල්ල විය හැකි විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම බුද්ධි අංශ වාර්තා මගින් සිදුකළ තර්ජන ඇගයීම්වලට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද අවශ්‍ය ආරක්ෂාව සපයා ඇති බව හෙතෙම පැවසීය.
