රජය විසින් ආරම්භ කර ඇති පාතාල මර්දන වැඩපිළිවෙළ සාර්ථක වෙමින් පවතින බවත්, එය අඩාල කිරීමේ අරමුණින් ඇතැම් පාතාල කල්ලි තැනින් තැන වෙඩි තැබීම් සිදු කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් නිපුණආරච්චි මහතා සඳහන් කළේය.
අකුරේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
'රජය ඉතා වගකීමෙන් යුතුව පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට මැදිහත් වී සිටිනවා. මෙම මර්දන ක්‍රියාවලිය දැඩි වෙද්දී, ඉන් බේරීම සඳහා සහ රජයේ ක්‍රියාමාර්ග අඩපණ කිරීමට පාතාල කල්ලි මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන බව පෙනෙන්නට තිබෙනවා.
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් පාතාලය මර්දනය කිරීමට රජය කැපවී සිටිනවා. එවැනි පසුබිමක මෙවැනි හුදෙකලා සිදුවීම් වාර්තා වුවද, පාතාලය මුළුමනින්ම තුරන් කිරීමේ මෙහෙයුම් නතර කරන්නේ නැහැ'
රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ කිසිදු ලෙසකින් අඩාල වීමට ඉඩ නොදෙන බවද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

ඇත්තටම ආණ්ඩුවේ ඉන්න බලගතුම මන්ත්‍රි කෙනෙක් කියන නිසා මෙම කථාව පිලිගන්න පුළුවන්. දැන ගන්න තියෙන විදියට නායකත්වයට ඉතාම සමීපව මෙම මන්ත්‍රි තුමා කටයුතු කරනවා. භාර දුන්නු ඇමති තනතුරක් එතුමා ඉතා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරපු බවයි ආරංචි.
ReplyDeleteyeah right your government is behind this killing. JVp cant live with out killing just like in 88/89. There is saying old habit die hard.
ReplyDelete