බත්තරමුල්ල, තලංගම පොලිස් වසමට අයත් අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බද්දේගම පොලිස් වසමේ මුල්කඩ, අගලිය ප්‍රදේශයේ අකුරැටිය දක්වා දිවෙන අතුරු මාර්ගයේ ගිනිතබා විනාශ කර තිබියදී බද්දේගම පොලීසිය ඊයේ (14) රාත්‍රී සොයා ගෙන තිබේ.
මෙසේ සොයා ගන්නා ලද නිශාන් සනී වර්ගයේ මෝටර් රථයේ ලියාපදිංචි අංකයක් නොතිබුණ බවත් මෝටර් රථයේ ලියාපදිංචි අයිතිකරුවා සොයා ගැනීමට වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවත් ඇල්පිටිය ජීව විද්‍යාත්මක අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මේ වන විටත් රජයේ රස පරීක්ෂකවරයා ගෙන්වා ඉදිරි කටයුතු සිදුකිරීමට කටයුතු කරමින් සිටින බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.
මෙම මෝටර් රථය සොයා ගැනීමට අදාල පරීක්ෂණ කටයුතු සදහා නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, ඇල්පිටිය ජීව විද්‍යාත්ම පරීක්ෂණාගාරය සහ ඇල්පිටිය කොට්ඨාශ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයද සහය වූ බව බද්දේගම පොලීසිය කියයි. ඊයේ (14) රාත්‍රී 9.15 ට පමණ මෙම මෝටර් රථය සොයා ගෙන තිබෙන අතර එම අවස්ථාවේදීද මෝටර් රථය ගිනි ගනිමින් තිබූ බව බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙම මෝටර් රථය තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී පසුගිය 13 දින පස්වරුවේ වෙඩි තබා ඝාතනය කරන ලද නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බවට පොලීසිය හදුනාගෙන තිබේ. නීතීඥවරයා සහ ඔහුගේ බිරිද සිය මෝටර් රථය තුල සිටියදී එදින ප.ව 5.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර වෙඩි වැදීමෙන් නීතීඥවරයා මෙන්ම ඔහුගේ බිරිද මෝටර් රථය තුලම මියගොස් තිබුණි.
ඇල්පිටිය පිටිගල පදිංචි නීතීඥවරයා කඩුවෙල අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පෙනී සිට ආපසු පැමිණෙමින් සිටියදී ඔහු ඉලක්ක කර සිදුකරන ලද මෙම වෙඩි තැබීම සදහා ටී - 56 ගිනිඅවියක් යොදා ගෙන තිබූ බවත් එහිදී වෙඩි ප්‍රහාර 10 ක් පමණ එල්ල කර තිබූ බවත් පොලීසිය කියයි.
ඝාතනයට ලක් වූ නීතීඥවරයා අම්බලන්ගොඩ මීටියාගොඩ පදිංචි සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා නැමැති පතාල අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවටද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූ බව ඇල්පිටිය කොට්ඨාශ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකය කියයි.
කරන්දෙණිය සුද්දාගේ තොරතුරු ලත්තුවාහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා (36) නොහොත් ‘අහුන්ගල්ලේ ලොකු පැටී’ නැමැති පාතාල අපරාධකරුවාට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිස් පරික්ෂණ වලදී තහවුරු වි තිබේ.
මෙම නීතීඥවරයා කරන්දෙණිය සුද්දාගේ අධිකරණ කටයුතු වෙනුවෙන් පෙනී සිට පසුව අහුන්ගල්ලේ ලොකු පැටීගේ අධිකරණ කටයුතු වෙනුවෙන් පෙනී සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පසුගිය මාස 06 ක පමණ කාලය තුල අම්බලන්ගොඩ, බටපොළ, මීටියාගොඩ, බද්දේගම ආදී ප්‍රදේශයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද ඝාතන රැසකට හේතු වී තිබුණේද මෙම කරන්දෙණිය සුද්දාගේ සහ අහුන්ගල්ලේ ලොකු පැටීගේ පාතාල බල අරගලයයි.
නීතීඥවරයා සහ ඔහුගේ බිරිද ඝාතනයේ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහයද අපේක්ෂා කරන බවද ඝාතනයෙන් පසුව ප්‍රකාශ කළේය. අපරාධය සිදුකරන ලද මෝටර් රථය හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර තිබූ බවටද පොලීසිය තහවුරු කරගෙන තිබුණි. මොටර් රථය අංක EP KI-7738 දරන එකක් බවටද පොලීසිය සදහන් කළේය.
මෙම ඝාතනයන්ට අදාලව සැකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි කොට්ඨාශය එක්ව පොලිස් නිලධාරී කණ්ඩායම් 10 ක් පමණ යොදවා තිබෙන බවද පොලීසිය කියයි.
මෙම ඝාතනයන් සම්බන්ධයෙන් දිවයිනේ සියළුම නීතීඥවරුන් කොළඹට කැදවා රැස්වීමක් පැවැත්වීමටද ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඊයේ (15) කටයුතු කර තිබුණි. මෙවන් රැස්වීමක් ඊයේ (15) කැදවූයේ වසර 14 කට පසුව බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ශිරාණී බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ සිද්ධිය අවස්ථාවේ මෙසේ සියළු නීතීඥවරුන් කොළඹට කැදවූ බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා ප්‍රවෘත්ති සාචව්ඡාවක් පවත්වමින් සදහන් කළේය. මෙම ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළාදකින බවත් මෙවැනි ප්‍රහාර නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

බංකු නැත
ReplyDeleteGrow up Jeppy buggers ........... start working instead of bashing all and sundry though its in your blood ..........sometimes a suspicion is arisen that all these killings too are part of the grand plan in order to silence the ordinary ......
DeleteGrow up Jeppy buggers ........... start working instead of bashing all and sundry though its in your blood ..........sometimes a suspicion is arisen that all these killings too are part of the grand plan in order to silence the ordinary ......
Deleteපොඩි හනුමාන්ගෙ පරපුරේ එකෙක්. සාක්ෂි විනාස කරලා හොඳ පලපුරුද්දක් තියන පාටයි.
ReplyDeleteෂුවර් ද?
Deleteෂුවර් නැත්නම් සුදු වෑන් කාරයා ගෙන් අහල බලපං. මේ දවස් වල සිංගප්පූරු පැනල ඉන්නෙ.
Delete#rajapaksaNoMore
ReplyDeleteනෑ මල්ලි. #NomoreRajapaksa
Deleteඅපේ මුළු ජීවිතේම NR 😂
හරියට හරි. අම්මා, අප්පා, බාප්පා (කපුටයි, සුදු වෑන් කාරයයි), මහප්පා, පුංචි අම්මා, සහෝදර සෙට් එක, ගෙදර අතුගාන එකා ඔක්කොම රටට අඩු නැතුව කෙලියා. ඒ මදිවට ගෙදර බල්ලත් අපිටමනේ ඇරියෙ.
Deleteආපහු නං ඔය ගෙදර ළඟ පාත එකෙක් වත් එපා
නෝ මෝලාගෙන් ප්‍රශ්න කරා නම් සාධනීය තොරතුරක් දැන ගන්න පුළුවන් වෙයි.. උගෙ අප්පයි බාප්පලයි, සෙට් එකනේ පාතාලයින්ව හැදුවේ..
ReplyDeleteඌ හදපු පාතාලේ එක්ක ඌ ට වැලිකඩ එක බත් එක කාල ඉන්න පුළුවන් තව ටික දවසකින් 😂
DeleteWhen will our majority citizens learn the machinations of JVP ......... they opposed / vandalized every progressive move from 1971.......... yet our people gulp their bait due to the selfishness / ungratefulness etc.... just check the data ........ our GDP is the 2nd best out of the South Asian countries ...... free health / education more Universities .......what else greater majority having housing /water / electricity / at least two meals per day unlike in Indian / B'deshi or Pakistan citizens ........... but still live in utter jealousy every minute as such morally bankrupt .........
ReplyDeleteNP #NomoreRajapaksa
DeleteAbsolutely. That's why we always say NP!!! #NomoreRajapaksa 😂
ReplyDeletepoya dekai bankuwak arann enna kiyala dennam what is national security....NPP lols..
ReplyDelete