කොළඹ කොටස් පහල වැටේ..

 


2026 පෙබරවාරි 24 වන අද දින කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු නිමාවට පත්වූයේ ප්‍රධාන මිල දර්ශක දෙකම පහළ බැසීමක් වාර්තා කරමිනි. 

දිනය පුරා වෙළඳපොළේ දක්නට ලැබුණු විකුණුම් ප්‍රවණතාවය හේතුවෙන් සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL20 දර්ශකය යන දෙකම රතු පැහැයෙන් සටහන් විය.

අද දින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 92.40 කින් පහළ ගොස් ඒකක 23,690.62 ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.39 ක පසුබැසීමකි. 

වඩාත් කැපී පෙනෙන පහළ යාමක් පෙන්නුම් කළේ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකයයි. එය ඒකක 47.59 කින්, එනම් සියයට 0.71 කින් පහත වැටී ඒකක 6,681.12 ක් ලෙස ගනුදෙනු අවසන් කළේය.

මිල දර්ශකයන්ගේ පසුබැසීමක් දක්නට ලැබුණද, අද දිනයේ වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.68 ක් වැනි ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයකි. දිනය පුරා කොටස් ගනුදෙනු 31,244 ක් සිදු වූ අතර, එහිදී හුවමාරු වූ සමස්ත කොටස් ප්‍රමාණය කෝටි 15 ඉක්මවා තිබුණි. 

වෙළඳපොළ දත්තයන්ට අනුව පෙවරුවේ සිටම දර්ශකයන් ක්‍රමයෙන් පහළ බැසීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර පස්වරුවේදී සුළු ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබුණද එය සමස්ත දර්ශක ධනාත්මක අගයක් කරා රැගෙන යාමට ප්‍රමාණවත් නොවීය.

Previous Post Next Post