සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප‍්‍රහාර සාක්‍ෂි මතයි..- පොලිසිය


පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ සාක්ෂි පදනම් කරගනිමින්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පොලිස් භාරයට ගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ ප්‍රතිපාදනවලට අනුව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු, සැකකරු පැය 72 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කලේ අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු සහ විමර්ශනවල ඉදිරි තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කරන අතර, සංකීර්ණ විමර්ශනයක් බැවින් ක්ෂණිකව කරුණු ප්‍රකාශ කිරීමේ අපහසුතාවක් පවතින බවය.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ඒ මහතා, වගකිවයුතු නිලධාරියෙකු අත්අඩංගුවට නොගත්තේ නම් ඒ පිළිබඳව පොලීසියට එරෙහිව දැඩි ජනතා විරෝධයක් එල්ල වීමට ඉඩ තිබූ බව සඳහන් කළේය.

මෙම ප්‍රශ්න කිරීම් හරහා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනා ගැනීමට අවශ්‍ය තීරණාත්මක තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇතැයි පොලීසිය විශ්වාසය පළ කරයි.

නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, පවතින නීතිමය රාමුව තුළ සැකකරුවෙකු දින තුනක් රඳවා තබා ගැනීමට අවසර ඇති බවයි. 

එම කාලසීමාවෙන් පසුව ඉදිරිපත් වන සාක්ෂිවල ස්වභාවය සලකා බලා, අධිකරණමය නියෝග මත තවදුරටත් රඳවා තබා ගැනීමේ නෛතික හැකියාව පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

16 Comments

  1. ජෙප්පොන්ගේ බංකොලොත් තර්ක කියන්නේ, මුස්ලිම් අන්තවාදීන් මරාගෙන මැරිලා තියෙන්නේ ගෝඨා ජනාධිපතිකරන්නයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ගෝඨාභය ආවේ ඒ මුස්ලිම් අන්තවාදය තුරන් කරනවා කියලා මාකටින් කරගෙන.

      ඇවිත් මොනාද කලේ අමල්? සාධාරණ සැකයෙන් ඔබ්බට සහතිකයි

      Delete
    2. ඊ බ්රාහිම් නානFebruary 25, 2026 at 3:29 PM

      අමල්, මුස්ලිම් අන්තවාදීන් සහ ජෙප්පො මරාගෙන මැරිලා තියෙන්නෙ ගෝඨාව ගේන්න, :D
      ජෙවී පී ඊ බ්රාහිම් නානත් උගේ ළමයිනුත් බැලුවම , ගෝඨව ජනපති කරන්න ජෙප්පො තරං දිවිහිමියෙන් වැඩ කරලා නෑ කවුරුත්.

      ඇනොයිමස් ගොනාට:
      සාධාරන සැකයෙන් ඔබ්බට කියන්නෙ , උඹලගෙ ඔලුවල තියෙනෙ ස්වයං වින්දන නෙවෙයි බං .

      Delete
  2. මහමොළකරු සලේ වුනත් උගෙන් කිසිම තොරතුරක් එලියට ගන්න බැරි වෙනව.

    ReplyDelete
  3. Jebbaiyo nathinam amana Lapayage Javipawo kiyenne, Thambi tika (ese mese salli karyo nevei, kotipathi un, kanyao hambwenawalu Gotawa putu thibbama). Nodakin Javip wahal hatta.

    ReplyDelete
  4. කිව්ව කියල මතක තබා ගන්න මේ තමයි මේ ආණ්ඩුවේ අවසාන යේ ආරම්භය බටහිර බලවතුන් මේ සිද්ධියෙන් පසුව සම්පූර්ණ මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල ප්‍රතික්ෂේප කරනවා සලේ කියන්නේ වීරයෙක් සිංහල බෞද් ද අපි සළේ වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ඔව් මුන්ගේ අවසානය ලන්වෙගන එනවා
      මුන් අප්රිඅල් ලන්වෙනකොට මේ වගේ පිස්සු කෙලිනවා

      Delete
  5. ඊලගට සුරේෂ් සලේගේ වන්නම

    ReplyDelete
  6. උඛලා අත් අඩංගුවට අරගෙන නිදහස් වුන අය අත් අඩංගුවට ගත්තේ සාක්ෂි නැතුවද?

    ReplyDelete
  7. සලේ athulata ganna atte kathanayaka ekka kollo gahanna wenna athi..LOL

    ReplyDelete
  8. පැය 72 ප්‍රශ්න කරද්දි, ඉබ්‍රහිම් නානයි පුත්තුයි ජවිපෙයි එක්ක පාස්කු ප්‍රහාරේ ගැන සම්බන්දයක් සලේ කිව්වොත් නං මල්ලි ඒක ගල්අඟුරු කේස් එකේ අනිත් එක වෙනවා මල්ලි. නානවා කියන්නේ ළිං කපාගෙන ඇදගෙන නාන්නෙ
    මෝඩ සරලොක් හෝම්ස්ල කඩේ යනවා මල්ලෙ හිල්


    ReplyDelete
    Replies
    1. එල 100 ට 100 ක් එකගයි

      Delete
  9. දැන් එතකොට මේ සැරේ පිල්ලෙයාන්ව මහමොලකරු කරල ඉවරද?

    ReplyDelete
  10. ඇන්ටන් බලුසින්හම්February 25, 2026 at 9:19 PM

    අපි කොටාට කිව්වෙ පිල්ලෙයාන් නැත්නම් කරුනා අම්මාන්ව මේකට අල්ලන්ඩ කියල. ගිය පාස්කුවෙත් මුන් පිල්ලෙයාන්ව 
    අල්ලනවයි කියල බොරුවක් කරල අපිව රැවැට්ටුව. මේ සැරේත් අපි කියන එකාව ගන්නෙ නැතිව පැත්තක ඉන්න එකෙක්ව 
    අල්ලල. අපරාදෙ අපේ ඩයස්පෝරාව කොටාගෙ ඡන්ද ව්‍යාපාරෙට දීපු සල්ලියි අපේ මිනිස්සුන්ගෙ ඡන්ද ටිකයි. ඇන්ටන් බලුසින්හම්

    ReplyDelete
  11. JVP Karayo kolu karayo....

    ReplyDelete
Previous Post Next Post