අමාත්‍ය නිල නිවාසයක පාස්කු ප්‍රහාරය නඩු අහන විශේෂ මහාධිකරණයක්..

 හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද අධිකරණ ස්ථාපිත කිරීමට පවරා ගත් නිල නිවාසවලට උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන්නැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඔහු මෙම උපදෙස් ලබාදී සිදු කළේ විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට වෙත ලබා දී ඇති නිල නිවාසවල අධිකරණ ස්ථාපිත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ( 12) සහභාගිවෙමිනි.

දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ (2025-2029) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද නිල නිවාස හතරක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබා දී තිබේ.

ඒ අනුව අංක B/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක B108, විජේරාම පාර, කොළඹ 07 සහ  B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පවතින නිල නිවාස අධිකරණ අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය. 


අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ස්ථානයේ පිහිටා ඇති හිටපු අමාත්‍ය නිල නිවාසය තුළ මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීමේ විශේෂ මහාධිකරණයක් ස්ථාපිත කර ඇති අතර, තවදුරටත් අවශ්‍ය පහසුකම් ලබාදීම කඩිනම් කරන ලෙස අමාත්‍යතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදීම සිදු කරන ලදී.

අංක B/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක B 108, විජේරාම පාර, කොළඹ 07 සහ  B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය කොළඹ 07 යන ස්ථානයන්හි පිහිටි හිටපු අමාත්‍ය නිල නිවාස ද අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් වු අතර, එම නිල නිවාසවල අධිකරණ පිහිටුවීමට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

මේ අතර, කොළඹ අලුත්කඩේ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් අද ( 12) සහභාගි විය.

අලුත්කඩේ  උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කෘත්‍යයන් මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ අවසන් කර ඇති පරිශ්‍රයේ පවත්වා ගෙන යන ලදී.

මේ වන විට උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ අවසන් කර ඇති හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු එම ස්ථානයටම ගෙන ගොස් ඇති බැවින් නඩු කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රය තුළ නව මහාධිකරණ පහක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ ඉංජිනේරු කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්යාංශයේ උසස් නිලධාරීන් අවස්ථාවට එක්ව සිටියහ.

7 Comments

  1. නියමයි. පාස්කු මිනීමරුවෝ නිදැල්ලේ. උන්ව ඉක්මනටම එල්ලා දැමිය යුතුයි.
    පිල්ලෙයාන් සියල්ල හෙළි කර ඇති බවත් මහමොලකරු අඳුනා ගෙන ඇති බවත් ආරන්චියි.
    සුබ පණිවිඩ එක දිගට.

    ReplyDelete
  2. ඊබ්‍රහිම් නානව කොහොම හරි බේරගෙන රාජපක්‍ෂලව කොහොම හරි මේකට ගාව ගන්න ඕන​

    ReplyDelete
    Replies
    1. ඔයාල ඔච්චර සිල්ලරව හිතන්න එපා මිනිස්සුන්ගේ ජිවිත ගැන.
      රාජපක්ස ල මේකට ගෑවුනත් නැතත්, උන්ගෙ පරම්පරාවම මිනීමරුවෝ.
      මේකත් සාමාන්‍ය මිනිහෙක්ට තේරෙන විදිය ගත්තත් බලය ගන්න කරපු තුච්ච වැඩක් උන්ගෙ පවුලේ. ඔප්පු නොවුනත්, පර බල්ලෝ ආපහු මිනිස් භව නම් ලැබන්නේ නෑ ලොවෙත්.

      Delete
    2. ජෙප්පන්ගෙ කතාවලින් ඔලුව හෝදගත්තම ඔහොම හිතෙනවා බං
      රාජපක්ෂ පවුලේ තියා උගේ පක්ෂෙ එකෙක් වත් ගෑවිලා නැතිව කිසිම සාක්ෂියක් පදනමක් නැතුව ඔහේ කියෝනවා, පවුලෙ වැඩක් ලු , අනේ බං උඹලා වගේ වහල්ලු.
      ඉමාම් වාර්තාව , ජයිකි අල්විස් වාර්තාව වගේම ඇමරිකාවෙ බුද්ධි අංශෙන් දුන්න දිවුරුම් ප්රකාශයක් සහිත වාර්තාවෙන් ඔප්පු වුනේ මේක මුස්ලිම් අන්තවාදීන්ගේ ප්රහාරයක් කියලමයි.
      උඹලා මුස්ලිම් අන්තවාදය , දෙමල අන්තවාදය පෝෂනය කරන සිංහලයට විතරක් ජාතිවාදියා කියලා ලේබල් ගහන , කුප්ප කුජීත අනුරගෙ වහල්ලු වෙලා ඉන්නැතුව මොලේ කල්පනා කරපල්ලා.

      Delete
    3. අමරිකානු බුද්ධි අංශ වාර්තා? ගිහිං අහල බලපං journalist තරිඳු ජයවර්ධන කියන දේවල්. වාර්තා වල පිටු ගලවල දාපු එව්වා.

      තව බොරු ගහපං. උඹලට යන්න තැන් හදන්න වෙනවා ඊළඟ ආත්මෙ.

      Delete
  3. ඕක පැලවත්තෙම දාගත්ත නම් ඉවරයිනෙ

    ReplyDelete
  4. මේ අනිත් ඛුරැ ඇමතියා.අවුරුද්දකුත් ගියා තාම නඩු අහන්න තැන් හොය හොය ඉන්නවා

    ReplyDelete
Previous Post Next Post