පාස්කු මහ මොලකරු එලියට..

 


පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් සහ වැරදිකරුවන් හෙළිදරව් කරන බවට පොරොන්දු දී බලයට පත් වූ වත්මන් ආණ්ඩුව, එළඹෙන අප්‍රේල් 21 වනදාට පෙර කාව හෝ වැරදිකරු කර මෙම සිදුවීම යටපත් කිරීමට උත්සාහ කරන බව ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම වත්මන් ආණ්ඩුවද බලයට පත්වීමේදී පාස්කු ප්‍රහාරය දේශපාලනිකව ප්‍රයෝජනයට ගත් බවත්, නමුත් සැබෑ වැරදිකරුවන් හෙළි කිරීමට ඔවුන් මෙතෙක් අපොහොසත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. 

වසර හයකට ආසන්න කාලයක් ගත වී ඇතත්, පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සුපුරුදු පරිදි වත්මන් ආණ්ඩුවද මහජනයා වෙත ඉදිරිපත් නොකරන බව බෝපගේ මහතා සඳහන් කරයි.

මෙම වාර්තාව ඉදිරිපත් නොකිරීමට ඉන්දියාවේ බලපෑම හෝ මෙරට පොලීසියේ හා දේශපාලනයේ නිරත ඉහළ නිලධාරීන්ගේ බලපෑම හේතු වී ඇත්දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

කාදිනල්තුමා සහ කතෝලික ජනතාව දීර්ඝ කාලයක සිට යුක්තිය ඉල්ලා සිටින පසුබිමක, ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ කඩිනමින් නඩුවක් පවරා, විත්තිකරුවන්ට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට පූර්ණ අවස්ථාව ලබා නොදී, කාව හෝ වැරදිකරු කර මෙම ප්‍රශ්නයෙන් නිදහස් වීමට බවට ඔහු චෝදනා කරයි. 

අප්‍රේල් 21 වනදාට පෙර මෙලෙස හදිසියේ තීන්දුවක් ගැනීමට උත්සාහ කිරීම තුළින් සැබෑ යුක්තිය ඉටු නොවන බවත්, කතෝලික ජනතාව බලාපොරොත්තු වන්නේ සැබෑ වැරදිකරුවන්ට එරෙහිව යුක්තිය ඉටු වීම බවත් නුවන් බෝපගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

9 Comments

  1. මුන් මොනවා කලත් ඉන්දියාව අහු නොවෙන්නේ තමඊ කරන්නේ

    ReplyDelete
  2. බැරිද මහ molakaruwek හදන්න?

    ReplyDelete
    Replies
    1. මහමොලකරුවෙක් හදන්න තමයි මේ උසාවි වල දොරවල් වහගෙන, මාධ්‍යට එන්න දෙන්නෙත් නැතුව, උන්ගේ විනිසුරුවන්, නීතීඥයන් දාගෙන ඔය කරන්නෙ ඒකනේ. මේ අප්‍රේල් 21ට කලින් මොකෙක් හරි දෙන්න ඕන. නැත්තන් කාඩිනල්ගේ තට්ටෙ පලනවා අර බෝම්බේ කාපු උන්ගේ පවුල් වල උන්.

      Delete
    2. උසාවි නියෝගයක් මත උඹත් ඇතුලට දාන්න පුළුවන් මේ වගේ කොමෙන්ට් වලට

      Delete
  3. කාඩිනල්ට ඕන මහමොලකරුවෙක් නෙමෙයි. කොහොම හරි බෞද්ධයෙක් ඕකට පටලවන්න. එතකොට එක පාර වැඩ 2ක් වෙනවා. පළවෙනි එක තමයි එයා හෙන ජයග්‍රහනයක් ක‍තෝලිකයන්ට අරන් දුන්නා කියලා එයාගේ බිස්නස් ටික කරගෙන යන්න ආපහු චාන්ස් එකක් ලබා ගැනීම. දෙවෙනි එක තමයි ක‍තෝලික, ඉස්ලාම් ගැ‍ටුමක් වලක්වාගැනීම. ඌ දන්නවා බෞද්ධයන්ට කවුරු ගැහුවත් උන්ව බේරගන්න ජාත්‍යන්තරයේ කවුරුවත්ම නෑ කියලා. අනිත් එක බෞද්ධයන්ට අනිත් ආගම් වල උන් එකක් ගහනකොට ඉතුරු 9ම ගහන්නේ බෞද්ධ කියා ගන්න උන්මයි.

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවේ ඔය සීන් එකට රාජපක්ශ කෙනෙක් ගාව ගත්තොත්, එයාලගේ ඊලාම් සිහිනය බොඳ කරපු රාජපක්ශලාගෙන් හිතේ හැටියට පලි ගන්න පුලුවන්.

      Delete
    2. රාජපක්ෂ මහතා මහ මිනීමරුවා

      Delete
    3. බෞද්ධ ගගා ඔක්කොම මරි වැඩ ටික කරල කහ බෙඩ් සීට් එකේ වාඩි වෙලා හිටියම හරි ඇති නේ

      Delete
  4. හොරාට කලින් කෙහෙල් කැන වැට පැන ඇත

    ReplyDelete
Previous Post Next Post