මතක ඇති කාලෙකින් ජලයෙන් යට නොවූ ඇඹිලිපිටිය නගරය ජලයෙන් යටවේ..

ඊයේ (25) රාත්‍රි 8.00ට පමණ ඇඹිලිපිටිය නගරයට ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් නගරයේ ප්‍රධාන මංමාවත් කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

පැය කිහිපයක් පුරා පැවති මෙම වැසි හේතුවෙන් නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවූ අතර, ඒ අසල පිහිටි ව්‍යාපාරික ස්ථාන රැසකට ද ජලය
ඇතුළු වීමෙන් දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.

නගරයේ කානු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම සහ ඒවා අවහිර වී තිබීම හේතුවෙන් මෙලෙස ජලය බැස නොගොස් මාර්ග පද්ධතිය ජලයෙන් යටවූ බව ප්‍රදේශවාසීහු පවසති. 

කෙසේ වෙතත්, මේ වන විට වර්ෂාව අඩුවීමත් සමඟ නගරයේ ජලය බැස ගොස් තත්ත්වය යථා තත්ත්වයට පත්ව පවතින බව  වාර්තාකරු සඳහන් කළේය.

3 Comments

  1. කිසි මනුෂ්‍යයකුට හෝ සතෙකුට කිසිම අනතුරක් නොවේවා!

    පාස්කු මහ මොළකාරයා ඉක්මනින් සලේගෙ කටින් අල්ල ගනීවා!!!

    ReplyDelete
  2. කාලකණ්ණි ජෙප්පො විනාශ කරන්න විතරයි දන්නෙ.

    ReplyDelete
  3. ක්ලීන් ශ්‍රී ලංකා

    ReplyDelete
Previous Post Next Post