මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරුන්ගේ ජීවිතවලට පවතින අවදානම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ, මෙම තීරණය ගනු ලැබුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ලද බුද්ධි තොරතුරකට අනුව බවයි.
ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් බුද්ධි අංශ නිලධාරියෙකු විසින් පොලිසියට දැනුම් දීමෙන් පසු මෙම පරීක්ෂණ CID වෙත පවරා ඇත.
පසුගිය 24 වැනිදා හිටපු බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් මේ සම්බන්ධව දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
අදාළ තර්ජන පිළිබඳව ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද විශේෂ අවධානයක් යොමුව ඇති අතර ඒ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා වී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පොලිසිය වෙත බාරදීමට නියමිත බවයි.

mahajana arakshawa jathika arakshawa thahauru karalane thyenne me anduwa.kohomada mehema wenne..banku banku ko..
ReplyDeleteSalay wage un iddi
DeletePathalet avi ayuda denawa wenna berida?
Kalabala wenna deyak nehe, hudekala tharjanayak witharai. Mahaja arakshawata kisima prashnayak nehe
ReplyDeleteමොකටද මුන්ව මරන්නෙ.
ReplyDeleteමොන කාලකන්නිද මේ