පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක්...

 


අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ කරන ලද ප්‍රකාශනය ඇතුළත් යෝජනා සම්මතය පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව වෙනත් දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.

තවද 2026.01.28 දිනැති  අංක 2473/13 දරන  අත්‍යවශ්‍ය  මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය ද  පෙබරවාරි 6 වැනි සිකුරාදා ප.ව 5.30 ට විවාදයකින් තොරව අනුමත කර ගැනීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත.   

2 Comments

  1. වල් කතානායකFebruary 5, 2026 at 8:15 AM

    මීට පස්සේ තට්‍ටු කරන්නේ නැතුව කාමරයට එන්න තහනම්. PHI ලාට ඇතුලු වීමට තට්‍ටු කිරීම අනවශ්‍යයි.
    කැන්ටිමෙන් හොරා කෑමට විදිවිධාන සැපයිය යුතුයි.

    ReplyDelete
  2. මුන් රටින් යන්නේ තියෙන ටිකත් විනාශ කරලා. කාලකන්නි හැත්ත. මෝඩ 68 ලක්ශේ හැමදාම රට කනවා. අඩු ගානේ පොතක් පත්තරයක් කියවන්න දන්නෙ නැති මේ මෝඩයො හැමදාම දේශපාලුවන්ගේ ලණු ගිලිනවා.

    ReplyDelete
Previous Post Next Post