මාලිමා මන්ත‍්‍රීට උස් හඬින් කතා කලැයි පොලිස් ලොක්කෙක් ට‍්‍රාන්සර්...


ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට උස් හඬින් කතා කළැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් යටියන්තොට පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මාරු කර යවන ලෙසට සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලිපියක් යවා තිබේ.

සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක විසින් sw/s/05/15/2026 අංක දරන මෙම ලිපිය පසුගිය 18 වැනිදා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කෑගලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇත.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් යටියන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඩී. කත්‍රිආරච්චි තමාට උස් හඬින් කතා කරන බවත් තම නියෝග හා ඉල්ලීම් නොපිළිගන්නා බවත්ය.

ඒ අනුව ස්ථානාධීපතිවරයා විසින් කිසිඳු සටහනක් හෝ නොතබමින් මෙම සිද්ධිය ගැන සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලිපියක් යවා ඇත.

අදාළ ලිපිය මූලික කරගනිමින් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ ප්‍රකාශ සටහන් කරගැනීමක් නොකොට ඒ ආකාරයෙන්ම පවතින තවත් චෝදනා කිහිපයක්ද සටහන් කරගනිමින් මෙම නිලධාරියා ස්ථාන මාරු කර යවන ලෙස ඉල්ලා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කෑගලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇත.

මෙම සිද්ධියේ කොටස්කරුවකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මීට සති තුනකට පෙර යටියන්තොට පිහිටි සිය දේශපාලන කාර්යාලයට යටියන්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ විමර්ශන අංශ ස්ථානාධිපතිවරුන් කැඳවා උපදෙස් පන්තියක්ද පවත්වා තිබෙන බවත් මෙහිදී ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සමගින් බහින්බස් වීමක්ද සිදුව ඇති බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

Aruna

7 Comments

  1. Jeppo will do all their bloody acts officially now .......... never know when Sr Lankan majority will ever learn .........

    ReplyDelete
  2. Most Sri Lankans are born idiots as they still couldn’t realise the filthy behaviour of Jeppo

    ReplyDelete
  3. ඒ වැඩක් නැත්නම් අර නාන සරාට රුපියල් සීයක් දීල බුද්ධාගම බේර ගන්න. අන්න ඌ හිඟාකන්ඩ සෙට් වෙලා පාරවල් අයිනෙ.

    ReplyDelete
    Replies
    1. රෙවිල වගේ...ගොං පද්දට.. ඩෝබිට

      Delete
  4. kalakanni haalparu Jeppo kohomada Dan gihin thiyena Uda..

    ReplyDelete
    Replies
    1. ඒ උඹට වැඩ නැද්ද? ලෑස්ති වෙයන් බල්ලො වගේ වාල් වැඩ කරන්න ඉස්සරහට

      Delete
  5. මෙවා අහලා පාඩ යන්නේ මට විතරයි ද?මන්ත්‍රී කම බාල්දු kale තොපි නේද. දැන් මන්ත්‍රීවරයා දැක්කම බල්ලොත් කkulaක්උ ස්සන තැනට ඇවිත්.

    ReplyDelete
Previous Post Next Post