තල්දූවල අමිතිරිගල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති අතර යතුරුපැදිය ගිනිගෙන ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ සියලු දෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තුවාල ලැබූ තිදෙනෙකු මිය ගොස් ඇත.
තවත් දෙදෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.
