වාහන සඳහා අලුතින් බදු පනවා ඇති බවට සමාජයේ පැතිරෙන ප්‍රකාශ පදනම් විරහිත බවත්, රජය හඳුන්වා දුන් නව බදු එකතු කිරීමේ උපක්‍රමය හරහා ඇත්ත වශයෙන්ම වාහන මිල අඩුවිය යුතු බවත් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.
මෙහිදී සිදුවී ඇති බදු සංශෝධනය පිළිබඳව පැහැදිලි කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙතෙක් කල් වාහන සඳහා සමාජ ආරක්ෂණ බද්ද (SSCL) අය කරනු ලැබුවේ වාහනය ආනයනය කර විකුණන අවස්ථාවේදී බවයි.
එම ක්‍රමවේදය තුළ විවිධ බදු අක්‍රමිකතා සිදු වූ බැවින්, එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා දැන් එම බද්ද වාහනය ආනයනය කරන අවස්ථාවේදීම රේගුව මගින් අය කිරීමට රජය තීරණය කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙය උදාහරණයකින් පැහැදිලි කරමින් කියා සිටියේ, රුපියල් මිලියන 100කට ආනයනය කරන වාහනයක් රුපියල් මිලියන 200කට විකුණන්නේ නම්, පැරණි ක්‍රමය යටතේ එම මිලියන 200ක විකුණුම් වටිනාකම මත 2.5%ක බද්දක් ගෙවිය යුතු වූ බවයි. එහෙත් බොහෝ අවස්ථාවල මෙම බදු මුදල නිසි ලෙස රජයට ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.
නව ක්‍රමවේදය යටතේ, අදාළ 2.5%ක බද්ද අය කරනු ලබන්නේ වාහනය ආනයනය කරන වටිනාකම (මිලියන 100) මත පමණි. මේ අනුව බදු අය කරන පදනම් වටිනාකම අඩු වන බැවින්, වාහනයක මිල සැබවින්ම අඩු විය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය විකෘති කරමින් ඇතැම් පිරිස් වාහන මිල වැඩි වන බවට පවසන්නේ මහජනතාව තුළ අනියත බියක් ඇති කර තම වාහන අලෙවි කරගැනීමේ උපක්‍රමයක් ලෙස විය හැකි බවත්, එවැනි පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් ආචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙය කිසිසේත්ම අතිරේකව පැනවූ බද්දක් නොවන බව ද ඔහු සහතික කළේය

ReplyDeleteව්‍යාජ ඉඩම් ඔප්පු 26 ක් හැදූ පොහොට්ටුවේ ප්‍රා. මන්ත්‍රී නීතීඥ ඇලෙක්ස් වසර 10 කට හිරේ
මේ කතා කරන්නේ වාහන ගැන ගොනෝ.කවුරැ හරි ලියලා දීපු කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර මේකේ දාලා වැලලේන්න එපා ඛන්
Deleteලක්ශ 12ට විට්ස් ආනයනය කෙරේ. ත්‍රීවිල්, මෝටර් සයිකල් කිලෝ ගානට විකිනේ. දුසිමක් රුපියල් 2000කට පුස් සයිකල් විකිනේ. 😁😂🤣😄😅
Deleteව්‍යාජ ඔප්පු හැදූ අර ඇදුරුතුමයි, ලැම්බොගිනියයි අල්ලන්නෙ කවදද දන්නෙ නෑ නේ. කොන්ටේනර් පන්නපු බිමලා? බීල මිනිස්සු හප්පපු කෙටි කතා නායක, ගංජ වවපු නියෝජ්‍ය ඇමැතියා, ගල් අඟුරු ගෙන්නපු බලශක්ති හොර තක්කඩියා? කෝ බං උන්ට නීතිය? ඈ....? උඹේ ගම තුම්පනේද?
Deleteවයර් මාරු උනු jeppek
ReplyDeleteමුන්ට දැන් හරියට වයෙර් මාරුවෙනවා
Deleteකන්ටේනර් 323 පන්නන්න මූත් සම්බන්ධයි. මහ හොර තක්කඩියෙක්.
Deletejeppanta pelawatten liyal dena de misak wena deyak danne ne
ReplyDelete