දිට්වා සුලි කුණාටුවෙන් තම ජනපදයේ නිවාස රැසක් බිත්ති පුපුරා ඉරි තලා නායයෑමේ අවධානමකට ලක් වී ඇති බවත්, ඒ පිලිබදව සොයා බැලීමට මේවන තෙක් රජයේ කිසිදු බලධාරියෙක් නොපැමිණි බව නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන් කියා සිටියි.
කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමාහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි තම ජනපදයේ නිවාස රැසක් නියම්ගම්දොර පුරාණ රජ මහා විහාරස්ථානය නායයෑමත් සමග තම නිවාස වල බිත්ති පුපුරා ඉරි තලා කඩා වැටීමේ අවධානමකට ලක් වී ඇති බවත්, ඒ පිලිබදව රජයේ වග කියයුතු නිළධාරින් අවස්ථා කිහිපයකදි දැනුවත් කලත් එම නිළධාරින් ඒ පිලිබදව සොයා බැලිමට මේ වන තෙක් නොපැමිණි බවයි එම ජනතාව කියා සිටියේ.
තවද, රජයෙන් ලබා දුන් කිසිදු සහනාධාරයක් තම ජනපදයට නොලැබුණ බවත්, පෞද්ගලික අංශයකින් ලබා දුන් සහල් පමණක් තමන්ට ලැබුණ බවයි එම පීඩාවට පත් කොත්මලේ නියම්ගම්දොර ජනතාව කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

හනේ පව් අනේ. මාලිමාව ආවෙ නැද්ද ඔයාලා බලන්න.
ReplyDeleteඑයාලා එයි ඉක්මනටම. තහඩුවක් ගියත් ලක්ශ 10ක් දෙනවා. ගේ ගියොත් ලක්ශ 50ක් දෙනවා.
දැනටමත් ගොඩක් දෙනෙක්ට චෙක් දීල තියෙන්නෙ. (හිස් ඒවා)
ඔයාලටත් හම්බෙයි. මාලුමාමට ජයවේවා!
දැන් සැපද............................................?
Deleteඋඹලා දැක්කද නිකමට හරි කතෝලික පල්ලියෙන් මිනිස්සුන්ට මේ වෙලාවේ ආධාර කරනවා? නෑ නේද? අන්න ඒක මතක තියාගෙන ඉඳපල්ලා.
Deleteඋන් සල්ලි දෙන්නේ උන්ගේ ආගමට හරවගන්න විතරයි.
ඒ හරව ගන්නෙත් උඹලට ආදරේකට නෙමෙයි, පහුවෙලා ආපහු උඹලා පල්ලියට ආධාර කරන එක බලාපොරොත්තුවෙන්.
🤣😂😄😃😅 පව් ඕයි. ගම්පොල සෙට් එක උඩ දාගෙන දුන්නෙ. 🤣😂
ReplyDeleteබලන්න වත් යන්න තිබුන හැබැයි.🤣😂🤣😂 දැන් නම් ගියොත් පණ පිටින් එන්න වෙන්නෙ නෑ. ඒකයි ඉතින්.
කිසිම වෙලාවක ගල් අඟුරු වංචාව අමතක කරන්න එපා.
ReplyDeleteදිනපතාම හැම වෙලාවෙම පුලුවන් හැම කොමෙන්ට් එකකම ගල් අඟුරු වංචාව මතක් කරමු. රටට අහිමි වූ කෝටි 1800ට නිහඬ නොවෙමු. හඬ නඟමු.