බාල ගල් අගුරු නිසා විදුලි අර්බුදයක්.. වහා නීතිපති උපදෙස් පතයි..

 


දකුණු අප්‍රිකාවෙන් මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු තොගවල ප්‍රමිතිය අසමත් වීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ දරුණු විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවත් මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව රජය නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට තීරණය කර ඇත Sunday Times වාර්තා කරයි.

මෙම සම්පූර්ණ ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය දූෂණයෙන් පිරී පවතින බවට එල්ල වන චෝදනා මැද ඉදිරි ටෙන්ඩර්වල විනිවිදභාවය තහවුරු කිරීමට ගත හැකි පියවර සහ පවතින ටෙන්ඩර් කොන්දේසිවල කිසියම් වෙනසක් කළ හැකිද යන්න පිළිබඳව ද නීතිපතිවරයාගෙන් උපදෙස් විමසන බව රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ 'ට්‍රයිඩන්ට් කෙම්ෆාර්' (Trident Chemphar Ltd) සමාගම හරහා මිලදී ගත් දකුණු අප්‍රිකානු ගල්අඟුරු නැව්ගත කිරීම් තුනකින් ලබාගත් සාම්පල පරීක්ෂණවලින් අසමත් වී ඇති බව නොරොච්චෝල ලක්විජය බලාගාරයේ අභ්‍යන්තර ලේඛන මඟින් තහවුරු වී ඇත.

ප්‍රධාන වශයෙන්, මෙම ගල්අඟුරු තොගවල අන්තර්ගත 'දළ කැලරි අගය' (Gross Calorific Value - GCV) හෙවත් දහනයේදී නිකුත් වන තාප ප්‍රමාණය, බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් උපරිම විදුලි ධාරිතාවක් නිපදවීමට අවශ්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු බව නිල දත්ත මඟින් පෙන්වා දී ඇත.

මෙම ටෙන්ඩරය යටතේ මේ වන විට ගල්අඟුරු නැව්ගත කිරීම් 23ක් මෙරටට ගෙන්වා තිබේ. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට හානි සිදු කළ හැකි අතර, එය ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරත්වයට ද බලපෑම් එල්ල කරනු ඇතැයි බලශක්ති විශේෂඥයෝ අනතුරු අඟවති.

4 Comments

  1. Sunday Times මෙහෙම කිව්ව කියන්නෙ කජු පොංටිං ඇතුලට යන්න ඉතාම ආසන්නයි.😂

    ReplyDelete
  2. ඔච්චර නටන්න දෙයක්යැ... ඩෝබින්ට දුන්නනම් උන් ඕවගේ තියන කුණු හෝදලා දෙයි ලස්සනට. එතකොට පත්තු වෙයි සට සට ගාල...

    ReplyDelete
  3. Hodamu අපි hodamu...

    ReplyDelete
  4. හොරු අල්ලන්න කියලා ආවේ අමු කම්බ ජීවීපී බත් මුට්ටි හෝරු හැත්තක්...

    ReplyDelete
Previous Post Next Post