හෙලිකොප්ටරයකට පහර දිය හැකි බර අවි දෙකක් තොප්පිගල කැලේ සූදානමින්...

 වාලච්චේන පොලිස් වසමේ තොප්පිගල කැලෑවේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගත් සක්‍රීය තත්ත්වයේ පවතින ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් අවි තුන රැගෙන ආවේ කව්රුන්ද යන්න සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම අවි තුන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පෙරේදා (07දා) ය.

මෙම රොකට් ලෝන්චර් සඟවා තිබුණේ කිසියම් අපරාධයක් සිදුකිරීමටදැයි ආරක්‍ෂක අංශවල දැඩි සැකයක් මතුවී ඇත. මේවා භාවිත කර (උණ්ඩ යොදා) වාහනයකට, හෙලිකොප්ටරයකට හෝ යුද රථයකට වුවත් ප්‍රහාර එල්ල කළ හැකි බවද මෙහි ඉලක්කය මීටර් 1000ක් දක්වා එනම් කිලෝමීටරයක් දක්වා ලබාගත හැකි බවද උසස් නිලධාරියෙක් පැවැසීය.

84mm RCL M2 නම්වූ රොකට් විදින 03 හමුවූ අවස්ථාවේදී ග්‍රීස් යොදා ආරක්‍ෂාකාරී ලෙස පොලිතීන්වල ඔතා තිබී ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පාවිච්චි කළ බවට සැකකරන මෙම අවි ග්‍රීස් ගල්වා ඉතාම සුරක්‍ෂිත ආකාරයට කිසියම් ස්ථානයක ගබඩා කර තිබෙන්නට ඇති බවට විමර්ශන නිලධාරීහු පවසති.

මෙම ආයුධ සොයාගත් ප්‍රදේශයේ තවත් ආයුධ සඟවා තිබෙන්නට ඇති බවට මතුවූ සැකය මත පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් තුනක් ප්‍රදේශය පීරමින් පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.

එහෙත් වෙනත් ආයුධ කිසිවක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකිවී නැත.

යුද හමුදා බුද්ධි අංශයේ ඔත්තුකරුවකු ලබාදුන් තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායට දැනුම් දීමක් කර තිබිණ. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් තොප්පිගල කැලෑවේ කිසියම් ස්ථානයක් පරීක්‍ෂා කිරීමේදී මෙම ආයුධ එහි සඟවා තිබී හමුවී ඇත.

එම ආයුධ සොයාගත් ස්ථානයට නුදුරින් අලුතින් හෑරූ වළක්ද තිබී ඇති අතර එම ආයුධ එහි සඟවා තබන්නට ඇති බවට සැකකෙරේ.


එම ආයුධ වළෙන් පිටතට ගෙන මතුපිට පොළොව මත සඟවා තැබුවේ කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතුවී තිබෙන බවද විමර්ශකයෝ පවසති.

මෙහිදී සොයාගත් එක් රොකට් ලෝන්චරයක් කිලෝග්‍රෑම් 14ක පමණ බරින් යුක්ත බව පොලිසිය පවසයි. විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම ආයුධ එල්.ටී.ටී.ඊ. සංවිධානය පාවිච්චි කළ ඒවා බවට සැකකරන බවයි.

කෙසේ වෙතත් මෙම ආයුධ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර තිබේ.

මෙම ආයුධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දහවල් තොප්ලිගල ප්‍රදේශයට ගොස් විමර්ශන අරඹා තිබේ.

මෙම රොකට් ලෝන්චර් සම්බන්ධයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම ආයුධ කුමණ හේතුවක් නිසා සඟවා තැබූ ස්ථානයකින් පිටතට ගත්තේද එම ආයුධ එසේ පිටතට ගත්තේ කව්රුන් විසින්ද යන්න සොයා මේ වනවිටත් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

කෙසේ වෙතත් මෙම රොකට් ලෝන්චර් අවි තුන පාවිච්චි කළ හැකි මට්ටමේ පවතින බවද විමර්ශන නිලධාරීහු පවසති.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා හා මඩකළපුව – ජවුෆර් ඛාන්
Divaina

17 Comments

  1. කොටි නැගිට්ටවන්න යන්නෙ.
    මයිනොන්ට ළඟදීම නප්පියටම කෙල වෙන්න යන බවට සහතික වශයෙන්ම පැහැදිලියි දැන්.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඊළඟට හාමුදුරුවෝ රොත්තක් එයි හෙට අනිද්දට බුද්ද සාසනේ අනතුරේ ගාගෙන.
      මයිනගේ මාකටිං කරන එකාට අලුත් අදහස් නෑ. හැමදාම එකම තැටිය.

      Delete
    2. පිං පොං කාරයට වැඩක් නැති වෙයිද මේ අස්සේ? විහාරමහාදේවි ට පුකේ අරින්න වගේ

      Delete
    3. අනුකම්පා චන්ද ටිකක් වැටෙයි සට සට ගාල, විහාරමහාදේවි පළල් කරන් ඉන්නව දැක්කම නං

      Delete
    4. පොල් බූරුවො ඇයි කියපං , වැඩ බැරි ජේ වීපී බල්ලො 159 ආණ්ඩුව ඇයි කොටි නැගිට්ටවලා මයිනන්ව උඩට ගන්න හදන්නෙ?

      Delete
    5. ආණ්ඩුවට නං එච්චර පුකේ ගායක් නෑ මහත්තය.
      ඕගොල්ලන්ගේ මයින නැටුම් ඉවර වේගෙන එනකොට හැමදාම එලියට එන නාටිටිය නේ, "කොටි නැගිටිනවා - අපි පුක දෙනවා" - දැන් කීවෙනි කොටසද මන්ද, හෙන බෝරිං

      Delete
    6. නාට්ටියේ සෙක්ස් සීන් එක නියමෙට නැගල යයි මෙදා පාර. ගෝටයිම්බර විහාරමහාදේවි ට පුකේ අරින සීන් එක....
      අඩෝ කොහෙන්ද බං මේවට හිනා වෙන්නෙ

      Delete
  2. දෙමල සක්කිලි ඩයස් පොරාවට ඕනෙ විදියට නටන , කන්ටේනර් හොරු , ගල් අගුරු හොරු , ගල් පැලෙන කෙබර කෙලින් , රූකඩ 159 ආණ්ඩුව මොකටද බං ?

    ReplyDelete
    Replies
    1. උබ කියන්නෙ එතකොට දැන් තියෙන්නෙ ඩයස්ගෙ නංගිගෙ පෝරාවද 😂😂😂

      Delete
  3. Rajapakshe misusing SL security

    We should stop this
    Srilanka cannot depend of 1 family

    ReplyDelete
  4. Rajapakshe misusing SL security

    We should stop this
    Srilanka cannot depend of 1 family

    ReplyDelete
  5. pannapu container wala apuwa wenna berida?

    ReplyDelete
  6. Banku we wadi kara la tuition den nan kiuwa ne da eka lol lek

    ReplyDelete
  7. වීරප්පන්ගෙ වහල් බලකාය තදටම වැඩ පටන් ගෙනල. සුපුරුදු පරිදි සියල්ලන්ම නොමග යවා, රවටා, ප්‍රශ්නය යටපත් කිරීමට නැටි උඩ දාගෙන වැඩ. ස්වීඩනයේ නිශ්පාදිත... තව ඉතිං මොන කතාද?

    ReplyDelete
  8. කොටි ඩයස්පෝරාවට වැඩ කරන ගමන් බොරුවට උන්ගෙන් තර්ජනේ තියනව වගේ පෙන්නන්න කරන නරි නාටක වලට අපි අහු වෙයි... හූ... හූ...

    ReplyDelete
  9. කන්ටේනර් 325 ගැන පරීක්ෂණ වලට මොකද උනේ? අර්චුනා කීව දේවල් ඇත්ත වේගන එනවා ද?

    ReplyDelete
  10. Anduwa kotinta redi nathuwa kade yana bawa dan keepa wathawakma nondiwela iwarai,eka ehemana kiyala pennanna gahana gemak meka.hariyata ata tilvin seeya london waladi koti tikak wata karagaththa wage drama ekakne me yanne.weerappana balakayath seena eka dana danath maina maina gala prashne wena paththakata geniyanna hadanawa.news eka watichcha gaman eka pelata comment kotagena gihin thiyenne ekna hadissiyak wage....jeppogo gon wada redinaa ithin.nidahas dawase koti pelapali giya ewata action ko jeppo.weerappange set eka ewa dakke nadda.

    ReplyDelete
Previous Post Next Post