ගයාන් කුමාර වීරසිංහ
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතා සහ ඔහු බිරිඳගේ ඝාතනයේ වෙඩික්කරු ඝාතන කිහිපයකටම සම්බන්ධ කුලී ඝාතකයෙක් විය හැකි බවට සැක කරන තොරතුරු රැසක් විමර්ශන නිලධාරීන්ට ලැබී තිබේ. අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත්වූ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවියේ නිරත ප්‍රධාන සමාගමක අම්බලන්ගොඩ ශාඛාවේ කළමනාකරු හිරාන් කෝසල පසුගිය වසරේ දෙසැම්බර් 22 දා වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුගේ හැසිරීම සහ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතාගේ ඝාතකයාගේ හැසිරීම අතර සමානකමක්ද ඇතැයි විමර්ශන නිලධාරින්ට පෙනී ගොස් ඇත.
හිරාන් කෝසලට වෙඩි තබා ඝාතනය කළ බවට හඳුනාගත් වෙඩික්කරු සහ වෙඩික්කරුව රැගෙන පැමිණි යතුරුපැදිකරු සැඟව සිටියේ යැයි කියැවුණේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් බව කියන මහනුවර පිහිටි නිෙවසේය. ඔවුන් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් එම නිෙවසේ රැඳී සිට ඇතැයි ද ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
මේ වන විට පලාගොස් සැඟවී සිටින ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණහොත් නීතිඥවරයාගේ සහ බිරිඳගේ ඝාතනය පමණක් නොව මෑතකදී සිදුවූ ඝාතන රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුවන්ට ගිනි අවි ලබාදෙමින් මෙම ද්විත්ව ඝාතනයට ආධාර හා අනුබල දුන් සැකකරුවන් සිවු දෙනෙක්ද මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර සහෝදරයන් දෙදෙනකු සිටින බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ඔවුන් ගිනි අවි ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. ඒම මෝටර් රථය වාහන කුලියට ලබාදෙන ආයතනයකින් ලබාගෙන ඇති එකකි. එම රථය කුලියට ගත් පුද්ගලයාත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බව සඳහන්ය.
Dinamina

දැන් දිනමිණ කර්තෘ වල පැත්තෙ මයිනද?
ReplyDeleteMunta ayuda denne rajapakshala
ReplyDeleteGota thama gena gahanne
Ayuda policiye hsmudawe ewanay
Me JVP ballange genunta lamayek labunath eka Rajapaksa lage wedak kiyai
Deleteතව ටික කාලයක් දේශබන්දු පොලිස්පතිවෙලා හිටියානම් ශ්‍රී ලංකා පොලිසිය ත්‍රස්ත සංවිධානයක් ලෙස ජාත්‍යන්තරයේ ලැයිස්තු ගත වෙනවා
ReplyDeleteහැබෑවටම?
Deleteඅර ප්‍රියන්ත ඇබිත්තයා යටතේ නම් දැන් ඒක සීග්‍රයෙන් වෙනවා.
Delete