අකුරේගොඩ ද්විත්ව ඝාතනයට දේශබන්දුගේ සම්බන්ධයක්..- දිනමිණ

ගයාන් කුමාර වීර­සිංහ

නීතිඥ බුද්ධික මල්ල­වා­රච්චි මහතා සහ ඔහු බිරි­ඳගේ ඝාත­නයේ වෙඩි­ක්කරු ඝාතන කිහි­ප­ය­ක­ටම සම්බන්ධ කුලී ඝාත­ක­යෙක් විය හැකි බවට සැක කරන තොර­තුරු රැසක් විම­ර්ශන නිල­ධා­රීන්ට ලැබී තිබේ. අම්බ­ල­න්ගොඩ නගර සභා­වට සමගි ජන බල­වේ­ගය පක්ෂ­යෙන් කණ්ඩා­යම් නායක ලෙස ඉදි­රි­පත්වූ ඉලෙ­ක්ට්‍රො­නික් භාණ්ඩ අලෙ­වියේ නිරත ප්‍රධාන සමා­ග­මක අම්බ­ල­න්ගොඩ ශාඛාවේ කළ­ම­නා­කරු හිරාන් කෝසල පසු­ගිය වසරේ දෙසැ­ම්බර් 22 දා වෙඩි තබා ඝාත­නය කළ වෙඩි­ක්ක­රුගේ හැසි­රීම සහ නීතිඥ බුද්ධික මල්ල­වා­රච්චි මහ­තාගේ ඝාත­කයාගේ හැසි­රීම අතර සමානකමක්ද ඇතැයි විම­ර්ශන නිල­ධා­රින්ට පෙනී ගොස් ඇත.

හිරාන් කෝස­ලට වෙඩි තබා ඝාත­නය කළ බවට හඳු­නා­ගත් වෙඩි­ක්කරු සහ වෙඩි­ක්ක­රුව රැගෙන පැමිණි යතු­රු­පැ­දි­කරු සැඟව සිටියේ යැයි කියැ­වුණේ හිටපු පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට අයත් බව කියන මහ­නු­වර පිහිටි නි‍ෙව­සේය. ඔවුන් දෙදෙ­නාට අම­ත­රව තවත් පුද්ග­ල­යෙක් හෝ කිහිප දෙනෙක් එම නි‍ෙවසේ රැඳී සිට ඇතැයි ද ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ට පෙනී ගොස් ඇත. 

මේ වන විට පලා­ගොස් සැඟවී සිටින ඔවුන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි­යාව ලැබු­ණ­හොත් නීති­ඥ­ව­ර­යාගේ සහ බිරි­ඳගේ ඝාත­නය පම­ණක් නොව මෑත­කදී සිදුවූ ඝාතන රැසක තොර­තුරු අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි­වනු ඇතැයි පොලී­සිය විශ්වාස කරයි. 

නීතිඥ බුද්ධික මල්ල­වා­රච්චි මහතා සහ ඔහුගේ බිරි­ඳට වෙඩි තබා ඝාත­නය කළ වෙඩි­ක්ක­රු­වන්ට ගිනි අවි ලබා­දෙ­මින් මෙම ද්විත්ව ඝාත­න­යට ආධාර හා අනු­බල දුන් සැක­ක­රු­වන් සිවු දෙනෙක්ද මේ වන විට පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඒ අතර සහෝ­ද­ර­යන් දෙදෙ­නකු සිටින බවද පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

ඔවුන් ගිනි අවි ප්‍රවා­හ­නය කිරී­මට යොදා­ගත් මෝටර් රථය ද පොලිස් භාර­යට ගෙන තිබේ. ඒම මෝටර් රථය වාහන කුලි­යට ලබා­දෙන ආය­ත­න­ය­කින් ලබා­ගෙන ඇති එකකි. එම රථය කුලි­යට ගත් පුද්ග­ල­යාත් අත්අ­ඩං­ගු­ව­ට­ ගත් සැක­ක­රු­වන් අතර සිටින බව සඳ­හන්ය.

Dinamina

6 Comments

  1. දැන් දිනමිණ කර්තෘ වල පැත්තෙ මයිනද?

    ReplyDelete
  2. Munta ayuda denne rajapakshala

    Gota thama gena gahanne
    Ayuda policiye hsmudawe ewanay

    ReplyDelete
    Replies
    1. Me JVP ballange genunta lamayek labunath eka Rajapaksa lage wedak kiyai

      Delete
  3. තව ටික කාලයක් දේශබන්දු පොලිස්පතිවෙලා හිටියානම් ශ්‍රී ලංකා පොලිසිය ත්රස්ත සංවිධානයක් ලෙස ජාත්‍යන්තරයේ ලැයිස්තු ගත වෙනවා

    ReplyDelete
    Replies
    1. හැබෑවටම?

      Delete
    2. අර ප්‍රියන්ත ඇබිත්තයා යටතේ නම් දැන් ඒක සීග්‍රයෙන් වෙනවා.

      Delete
Previous Post Next Post