ශ්‍රී ලංකාව පරදා සිම්බාබ්වේ ජයගනී.. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට...

 


2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තීරණාත්මක තරගයකින් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ 'B' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ඔවුන්ට හැකි වී තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 179ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ ක්‍රීඩකයෝ පන්දු වාර 19.3කදී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ. සිම්බාබ්වේ ඉනිමේ නැංගුරම වූ බ්‍රයන් බෙනට් පන්දු 48කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 63ක් රැස් කළේය.

තරගයේ වීරයා සම්මානය දිනාගත් සිකන්දර් රාසා වේගවත් ලකුණු 45ක් (පන්දු 26) ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ අතර, ග්‍රේම් ක්‍රීමර් ද දක්ෂ දස්කම් ප්‍රදර්ශනය කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 178ක් රැස් කළේය. මෙම ඉනිමේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නව වාර්තාවක් පිහිටුවීමට සමත් වීම විශේෂත්වයකි. ඔහු කුසල් මෙන්ඩිස් සතු වැඩිම විස්සයි20 ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාවේ (2607) වාර්තාව පසුකර යමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 පිටියේ වැඩිම ලකුණු ලාභියා (ලකුණු 2636) බවට පත් විය.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, සිම්බාබ්වේ කණ්ඩායම තරග 4කින් ජයග්‍රහණ 3ක් ලබා ලකුණු 7ක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවේ.

2 Comments

  1. ව්‍යාජ ඉඩම් ඔප්පු 26 ක් හැදූ පොහොට්ටුවේ ප්‍රා. මන්ත්‍රී නීතීඥ ඇලෙක්ස් වසර 10 කට හිරේ, Namal, Mahinda, Ranul ??

    ReplyDelete
Previous Post Next Post