මාලිමාණ්ඩුව පසුගිය කාලය පුරාම බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්බන ප්‍රීතිය නැංවීමට විවිධ ක‍්‍රියාමර්ග ගත්තා..


 ජාතික ජන බලවේගය කිසිම අවස්ථාවක බුදු දහමට, මහා සංඝරත්නයට හෝ පන්සලකට අසාධාරණයක් සිදු කර නොමැති බවත්, ආගම ඇදහීම වැළැක්වීමට කටයුතු කර නොමැති බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා අවධාරණය කරයි.  

පසුගිය කාලසීමාව පුරාම බෞද්ධ ජනතාව තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ගොඩනැංවීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විවිධ ක්‍රියාමාර්ග ගත් බවත්, තමන්ට අවශ්‍ය වන්නේ මෙම රට නැවත සොහොනක් හෝ ඇවිදින කනත්තක් කිරීමට නොව, ආගමික සහජීවනය සහිතව රට ගොඩනැගීමට බවත් හෙතෙම සඳහන් කළේය.

වර්තමානය වන විට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා කෙරෙහි මෙරට ජනතාව තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළ ද ඉතා පැහැදිලි ආදරයක් සහ දැවැන්ත ජනප්‍රසාදයක් ගොඩනැගී ඇති බව සුරවීර මහතා පෙන්වා දුන්නේය. 

ව්‍යාජ කරුණු පතුරුවමින් ආණ්ඩුවට එරෙහිව මතයක් ගොඩනැගීමට ඇතැමුන් උත්සාහ කළද, එය සාර්ථක නොවන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

 වර්තමාන විපක්ෂය සුන්බුන් විපක්ෂයක් ලෙස හඳුන්වා දුන් මන්ත්‍රීවරයා, ඔවුන් කුමන බාධක පැමිණවූවත්, ජනතාව නොමඟ යැවීමට කුමන ව්‍යාපාර දියත් කළත්, ජාතික ජන බලවේගය ජනතාව සමඟ බද්ධ වෙමින් සිය ගමන ඉදිරියටම යන බව සහතික කළේය. 

දැනට පවතින දේශපාලන තත්ත්වය ඉතා යහපත් මට්ටමක පවතින බව දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

7 Comments

  1. Hodata balapan ubalagey mada balakaya social media wala bawudda bikshunta apahasa karana vidiya. Baya nathuwa mewa karanney niragamika jeppangen labena ashirwadaya yatathey. Anika mun gahanney bawuddayanta vitharaney. Ko mun katholika, Hindu ,Islam pujakayanta mada gahanney nahaney. Mungey wairaya thiyenney budda shrawakayan ekka vitharyi kiyana eka manawa pahadili. Mokada anek agam wala pujakyo babalada??

    ReplyDelete
    Replies
    1. sahathika aththa, Katholika palliye logu da gaththa set eka eli pita rata bedanna LTTE dayaspora ekka yapaney pelapali yanawa, Sudu thoppi da gaththa set eka ungey master plan ekata lassanata jathiya bo karamin rata allamin innawa. yako munta eka sinhala ballek wachanayak wath kiyanney nathuwa siwurata vitharak gahanney mokada?? Budu hamuduruwan viplavawadiyek nowana hindada??

      Delete
  2. ගත්තේ තොගේ රෙද්ද අස්සේ තියනෙක වෙන්න ඇති

    ReplyDelete
  3. Thope ammala wes kame giyada kiyala isselama hoyapalla

    ReplyDelete
  4. කට වහපිය ගම්කඹරයා, දකුණේ බෞද්ධයෝ පෝයට තිස්ස විහාරයට යන්නෙ වෛර පතුරුවන්ඩ කියල උඹලෑ මහඑකා උතුරට ගිහින්ල කියන්නෙ
    ආගම ඇදහීම වැළැක්වීමට නෙමේනම් වෙන මොන මගුලකටද?

    ReplyDelete
  5. උඹලෑ ආණ්ඩුව බුදු සසුණට සලකන ආකාරය ගැනදැන ගන්ඩ මේකත් බලලම හිටපන්.

    https://www.youtube.com/watch?v=FvYCjFgJGnE&t=2109s&pp=ygUQd2ltYWwgd2VlcmF3YW5zYQ%3D%3D

    ReplyDelete
Previous Post Next Post