හැටන් නගරය අදියර කිහිපයක් යටතේ නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රු.මිලියන 2000ක පුතිපාදන වෙන් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. සහ නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මංජුල සුරවීර ආරච්චි මහතා පැවසීය.
ඉන් පළමු අදියර යටතේ රු.මිලියන 500ක ප්‍රතිපාදන මත හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ සිට දික්ඔය නගරය දක්වා කිලෝමීටර් 06ක් මාර්ගය දෙපස කාණු පද්ධතිය සකස් කර මාර්ග කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම සහ හැටන් නගර මධ්‍යයේ අංග සම්පූර්ණ රථ ගාලක් ඉදි කිරිම සම්බන්ධයෙන් අවසන් සැළැස්ම්ක සකස් කිරිම සදහා අදහස් සහ යෝජනා ලබා ගැනිමට හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව හැටන් අජන්තා උත්සව ශාලාවෙදි හමු වු අවස්ථාවේ මන්ත්‍රීවරයා ඒ බැව් පැවසීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීර ආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙතෙක් කාලයක් නගර සභාව පාලනය කල පාලකයින් විසින් ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස් සහ යොජනා සහ නිසි සැළස්මක් නොමැතිව සංවර්ධනය කර ඇති බවත්, එම සංවර්ධන කටයුතු සදහා විශාල මුදලක්ද වැය කර ඇති බවයි.
වත්මන් රජයේ සියලු පාර්ෂවයන්ගේ යෝජනා සහ අදහස් සලකා බලමින් නිසි සැළැස්මක් අනුව සංවර්ධන කටයුතු සිදු කරන බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.
ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය මගින් නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පදිංචි ජනතාවගෙන් 11%කට පමණක් පානීය ජලය ලබා දෙන බවත්, 89%ක ජනතාව ඇළ දොළ ගංගා වලින් සහ ජල මුලාශ්‍රවලින් ලබා ගන්නා ජලය දෛනික කටයුතු සදහා භාවිතා කරන බවයි.
එසේ ජලය ලබා ගන්නා අයගේ ජල මුලාශ එක් කර ගනිමින් 50%ක ජනතාවකට ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට රු.බිලියන 56ක ප්‍රතිපාදන අව්‍යහ බවට ඇස්තමේන්තු කර ඇති බවත්, එම මුදලද වෙන් කර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය සහ හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාද සහභාගි විය.
- රංජිත් රාජපක්ෂ

සහතික ඇත්ත.ඵදා ආණ්ඩුවේ දේශපාලනඥයා අහුවෙන තැනින් ඔහේ ටික ටික ගහගෙන ගියා.දැන් ආණ්ඩුවේ දේශපාලනඥයා හොරකම හොඳින් සංවිධානාත්මකව ප්‍රජාතාන්ත්‍රික බව පෙන්වා සැලසුම් සහගතව කූට කයිරාටිකව සංවර්ධනය කරමින් යනවා.සිස්ටම් චේන්ජ් ඵක
ReplyDeleteහරි.