වර්තමාන මනුෂ්‍ය සමාජයට සිදුවී ඇති විශාලම විනාශය පවුල් ජීවිත බිඳ වැටීමේ ක්‍රමවේදය බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරති.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ කළුතර ලූර්දු මාතා දේවස්ථානයේ 117 වන වාර්ෂික මංගල්‍ය මහා මහෝත්සවයට සහභාගී වෙමින් පවත්වන ලද දේශනයකදීය.
ශ්‍රී ලංකාව තුළ පවුල් සංස්ථාව බිඳ වැටීම අද වන විට ඉතා භයානක අන්දමින් පැතිර යන වසංගතයක් බවට පත්වී ඇති බව උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.
කිසිදු තේරුමක් නොමැතිව, හුදෙක් හැඟීම්වලට, රූපයට හෝ පෙනුමට පමණක් වහල් වී විවාහ වන බොහෝ දෙනෙකු කෙටි කලකින් එම බැඳීම් අතහැර දමන තත්ත්වයක් අද වන විට රට තුළ ජනිත වෙමින් පවතින බව ද උන්වහන්සේ සඳහන් කළහ.
විවාහ ජීවිතය යනු සෙල්ලමක් නොවන බවත්, එය සමාජයේ පදනම බවත් පෙන්වා දුන් කාදිනල් හිමිපාණන්, සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම තුළින් මුළු මහත් සමාජයම ශක්තිමත් වන බව ප්‍රකාශ කළහ.
පවුල යනු සමාජයේ කුඩාම ඒකකය බවත්, කතෝලික සභාව තුළ පවුල හඳුන්වන්නේ කුඩා සභාව ලෙස බවත් උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ.
"අද කාලේ වෙලා තියන විශාලම විනාශය තමයි මේ පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ක්‍රමවේදය. අද ශ්‍රී ලංකාව තුළත් මෙය ඉතාමත් භයානක අන්දමින් පැතිරීගෙන යන වසංගතයක් බවට පත්වෙලා තිබෙනවා. ඉතාමත්ම තේරුමක් නැති විදිහට හුදෙක් හැඟීම්වලට, රූපයට, පෙණුමට, සිනහවට පමණක් වහල්වෙලා විවාහ වෙලා ටික කලකින් එය අතහැර දමන යුවල් බොහොමයක් අද ශ්‍රී ලංකාව තුළ ජනිත වෙමින් පවතිනවා. කිසිම අර්ථයක් නැතිව විවාහ ජීවිතය සෙල්ලමකට ගන්න තත්ත්වයක් අද ලංකාව තුළ පවතිනවා.
විවාහ ජීවිතය කියන්නේ සමාජයේ පදනම. සාර්ථක විවාහ ජීවිතයක් ගත කළොත්, සාර්ථක පවුල් ජීවිතයක් ගත කළොත් පවුල තමයි සමාජයේ කුඩාම ඒකකය. කතෝලික සභාව කියන්නේ කුඩාම ඒකකය තමයි පවුල කියලා. ඉතිං පවුල ශක්තිමත් නම් සමාජය ශක්තිමත් වෙනවා, පවුල් ජීවිතය ශක්තිමත් නම්, පවුල් ජීවිතය භක්තිවන්ත නම් කතෝලික සභාව භක්තිවන්න ආයතනයක් වීමේ හැකියාව පවතිනවා."

ඔය පදනම ශක්තිමත් කරපු නායකයා තමයි පල්ලිය, ngo කාරයෝ එක්ක එකතු වෙලා මිනිස්එසු නොමග යවලා, dollar එවන එක අඩු කරලා, එකෙන්ළ අර්වබුදේ හදලා එළවලා දැම්මේ, දැන් එනවා බණ කෙලින්න...
ReplyDeleteදැන් ඕවා අමතක කරලා කොමියුනිස්ට් හැත්ත ට විරුද්ධව එකා වගේ කටයුතු කරනු මම බෞද්ද නමුත් ක්‍රිස්තියානි කතෝලික අය මේ lgbtq වලට විරුද්ධයි
Deleteඉතාමත් ඇත්ත මෙයට කාන්තා විමුක්ති සංවිධාන විශාල මෙහෙයක් සිදු කරනවා මව කියන චරිතය හෑල්ලු කරලා ඇය ට මුදල් මය වටිනා කමක් දෙන්න ඔවුන් උත්සහ කරනවා ඒ වගේම ඔවුන් කාන්තාවන් සවිබල ගැන්වීම කියල විවිධ වැඩ මුළු තියෙල කාන්තාවන් පිරිමින්ට /තම ස්වාමියාට විරුද්ධව කොටවනව මේවාට මොවුන් ළඟ වෙනම වචන සෙට් පවා තිබෙනවා හරිනි ලා මේවායේ phd කාරියෝ මේ කාන්තා සංවිධාන තමයි පවුල් සංස්ත්ව බිඳින්න කටයුතු කරන්නේ ලංකාවේඒ මවු වරුන්ගේ සංවිධානය මීට අයත් නෑ ඒවගේම තවත් සිංහල කාන්තා සංවිධානයක් මීට අයත් නෑ.LGBTQ සංවිධාන පවුල් කඩන්න සම්බන්ධ ආයතන ඇමරිකානු කුණුහරුප RAP ගීත කියන වේශ ගෑනු කාන්තාවන් සවිබල ගන්වනවා කියලා ඔය විකෘති හැත්ත කියනවා
ReplyDelete100% ඇත්ත. LGBTQ සංවිධාන රටට සාපයක්. Trump කිව්වා වගේ ලෝකෙ ඉන්නේ genders දෙකයි. ගැහැණු සහ පිරිමි.
Delete