බලාගාර සැලසුම් පිරිවිතරයන්ට අනුකූල නොවන බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 2,796කට අධික සෘජු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව එම මණ්ඩලයේ නවතම වාර්තාවක් මගින් අනාවරණය වේ.
මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු නැව්වාර හතරක් පදනම් කරගනිමින් මෙම තක්සේරු කිරීම් සිදුකර ඇත.
විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් යොමු කරන ලද වාර්තාවට අනුව, එක් එක් නැව්වාරයට අදාළව සිදුවූ පාඩුව මෙසේය.
1 වන නැව්වාරය: රුපියල් මිලියන 595.1
2 වන නැව්වාරය: රුපියල් මිලියන 288.5
3 වන නැව්වාරය: රුපියල් මිලියන 1,047.4
4 වන නැව්වාරය: රුපියල් මිලියන 865.0
මෙම පාඩුව ගණනය කර ඇත්තේ අදාළ ගල්අඟුරු තොගවල පවතින ගුණාත්මක දෝෂ හේතුවෙන් ජනනය කිරීමට නොහැකි වූ විදුලි ඒකකයක පිරිවැය රුපියල් 57.53ක අගයක පවත්වා ගනිමිනි.
බාල තත්ත්වයේ ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් සැපයුම්කරුවන් වෙත පනවා ඇති සම්පූර්ණ දඩ මුදල රුපියල් මිලියන 1,037ක් පමණ වේ. ඒ අනුව පළමු නැව්වාරය සඳහා රුපියල් මිලියන 644.5ක් ද, දෙවන නැව්වාරය සඳහා මිලියන 135.1ක් ද, තෙවන හා සිව්වන නැව්වාර සඳහා පිළිවෙළින් මිලියන 150.3ක් සහ 107.1ක් ද වශයෙන් දඩ මුදල් අය කරගැනීමට නියමිතව ඇත.
ගල්අඟුරු ගුණාත්මකභාවයෙන් තොර වීම හේතුවෙන් බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට සිදුවන බලපෑම පිළිබඳව ද විදුලිබල මණ්ඩලය අවධානය යොමු කර ඇත.
Air Pre-Heater අවහිර වීම පිරිසිදු කිරීම සඳහා රුපියල් මිලියන 50ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇත. බොයිලේරු නළ පද්ධතියට හානි වීම සඳහා රුපියල් මිලියන 10ක පමණ අවම නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවේ.ටර්බයින් තල අධික ලෙස රත් වීම දෝෂ නිවැරදි කිරීම සඳහා රුපියල් මිලියන 100කට අධික පිරිවැයක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.
බාල ගල්අඟුරු භාවිතය නිසා පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳව පුළුල් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, ගල්අඟුරු සැපයුම් ගිවිසුම් අවලංගු කිරීම සඳහා පවතින කොන්දේසි පිළිබඳව ද නීතිමය පැහැදිලි කිරීම් සිදුකර ඇත.

When Prima flour mill was operated under PPP contract, CWE was responsible for purchasing Wheat Grain for Prima Mill from international market on competitive tenders. Monthly requirement was around 100000 M/Tons. CWE done tenders without any issue at all.
ReplyDeleteකලින් ගල් අගුරු ගත් මිල සහ දැන් මිල සහ දැන් ගල් අගුරු නෙට්‍රිc ටොන් ගනන අනුව වෙනසත් ගනනය කරනවද?
ReplyDelete