නොරොචෝලේ ලක්විජය බලාගාරය සඳහා මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොග හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සහ පාරිභෝගිකයාට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) පවසයි. මෙම අලාභයට වගකිව යුතු පාර්ශවයන් වහාම හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමය අවධාරණය කර සිටී.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, ලක්විජය බලාගාරයේ ආරම්භයේ සිට මේ දක්වා විවිධ සමාගම් හරහා ගල් අඟුරු ආනයනය කර ඇති නමුත්, මෙවැනි මට්ටමේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොගයක් මීට පෙර වාර්තා වී නොමැති බවයි.
මෙරට වාර්ෂික විදුලි අවශ්‍යතාවයෙන් 40% ක් පමණ සපයන ලක්විජය බලාගාරය පද්ධතියේ පවතින අවම පිරිවැය සහිත තාප විදුලි බලාගාරය වේ. එබැවින් එහි සිදුවන මෙවැනි අක්‍රමිකතා පාරිභෝගිකයාගේ විදුලි බිල කෙරෙහි සෘජුවම බලපානු ලබයි.
මෙම අලාභය ගණනය කිරීම අමාත්‍යාංශ අභ්‍යන්තර කමිටුවකට පමණක් සීමා නොකළ යුතු බවත්, ඒ සඳහා විනිවිදභාවයකින් යුත් නිවැරදි තාක්ෂණික ඇගයීමක් අවශ්‍ය බවත් සංගමය පෙන්වා දෙයි.
මෙම අක්රමිකතාවල සත්‍යය හෙළි කිරීමට ඉදිරිපත් වන බලාගාර සේවකයින්ට හෝ ඉංජිනේරු සංගමයේ සාමාජිකයින්ට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොකළ යුතුය. එවැනි බලපෑමක් එල්ල වුවහොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවටද සංගමය අනතුරු අඟවා සිටී.
මෙම තත්ත්වය ඉතා බරපතල වෘත්තීයමය ගැටලුවක් ලෙස නිරීක්ෂණය කරන බව පවසන ලංවිම ඉංජිනේරු සංගමය, මහජන මුදල් අවභාවිත වීම වැළැක්වීමට බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවද සඳහන් කරයි.

ලංකාවේ මිනිස්සුන්ට එක දිගට දවස් දෙකක් ලයිට් දීගන්න බැරි උන පකේ ඉංජිනේරු සංගමය
ReplyDeleteසිරාවටම. දැං උන්ගේ mini hydro plants වලට හුප්පෙනෙ. ඒකයි මේ
Deletelite denne araka karakawlada
Deleteඕක කරන්නෙ නාලන්දෙ එකෙක්. ගෝඨ ගෙ හොඳ ගූ කාපර් කෙනෙක්.
ReplyDeleteLapayata/Jebbaiyanta wenne Naya marichha ahiguntikya wage, munta Rajapaksha natinam pavathmak naha..nodakin gon wassa
Deleteඒ අන්න මැද සාලේට DO ගහලා. ඇට දෙකෙන් එල්ලල ලු දෙන්නෙ අද කෑම 🤣
ReplyDeleteඅනික් පාලකයින් අවුරුදු 76 ක් ගහපු ගැහිලි මුන් අවුරුද්දෙන් දෙකෙන් ගහලා ලංකාව වසර 20 කින් ආපස්සට ගෙන යයි. ඡන්දෙ දීපු පොහොට්ටුවෝ අං හොයන්න ඔලුව අතාගාද්දි 3% ඩොබියෝ වැඩි පඩියට පෙරටත් වඩා සමාජ මාධ්‍යයේ පහරනවා.
ReplyDeleteගල් අගුරුවල කිසිම බාල තත්වයක් නෑ. ආණ්ඩුව වට්ටන්න බංකොලොත් විපක්ෂෙ හදන කෙප්ප. මේ දැනුත් දහනය කොරපු අගුරුවලින් කිලෝ කැලරි 6500ක් වාර්තා වුනා. අහල බලන්න පොන්නසිරි ඇමටිගෙන්
ReplyDeleteow putha 1000 kola 6yai, 500 kola ekai deele giya me dan, vahane golface eka gawa thibuna ekak
Deleteබාල ගල් අඟුරු හින්ද නොරොච්චෝලෙ කැඩිල විදුලි බල මන්ඩලේ හොම්බෙං ගියත් මාලිමා ඩෝබියො ටික ඒකත් හෝදයි.
ReplyDeleteIn Sri Lanka we have the Industrial technology Institute (ITI) which is an accredited laboratory to carry out coal analysis. Yet these CEB mafia sends these samples to India spending millions of rupees . May be they get commissions out of these which is not possible if this analysis is done locally. Then this problem could have been avoided since the results can be obtained rapidly.
ReplyDeletekohe ariyatha kalari gana wadi wen naha, ATI eken mokada ubata wadi karala report onada
Delete