වර්ජන තද කරන්න GMOA අද රැස්වෙයි...


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

2026.02.11 වැනි දින රට පුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නියෝජනය කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුලස්ථානයට කැවීම සම්බන්ධවයි.

මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල කරගනිමින් දීප ව්‍යාප්තව වෘත්තීය සමිති මාලාවක් සිදු කරමින් පවති

මෙම ඉල්ලීම් සහා පාදක කරගෙන ඇත්තේ 23000 කින් යුත් සාමාජික වෛද්‍යවරුන්ට සහ සමස්ථ සෞඛ්‍ය සේවාව සහා ද බලපාන මූල්‍ය හා මූල්‍ය නොවන ගැටලු කිහිපයක් වේ.

නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය මෙම ගැටලු විසීම සහා අවශ්‍ය වන පළමු පියවර වන නිශ්චිත කාල රාමුවක් තුල සාකච්ඡා සිදු කිරීම පවා පැහැරහරිමින් උද්ධච්ච ලෙස කටයුතු කිරීම නිසා වෛද්‍යවරුන්ගේ දැඩි අප්‍රසාදයට ලක් වී ඇත.

මෙම ක්‍රියාමාර්ග වල දිගුවක් ලෙස ප්‍රජා වෛද්‍ය සේවයේ ඇති ගැටලු පිළිබව සාකච්ඡා කිරීම සහා දිවයින පුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල නියෝජනය කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් 2026.02.11 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුලස්ථානයට කැදවීම සිදු වනු ඇත

එහිදි ගනු ලබන තීන්දු තීරණ පිළිබව විධායක සභාව සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ග තිව්‍ර කිරීම පිළිබව ඉදිරියේදි තීන්දු තිරණ ගනු ලබනු ඇත.


2 Comments

  1. දොස්තරහොරුයි නීතිඥහොරුයි දෙගොල්ලන්ම එකයි. වයිධ්‍ය සේවය නීතිඥ සේවය කිව්වට සේවයක් නැහැ. ජනනතාව මරාගෙන කන මිනි කාක්කෝ. ජනතාව ප්‍රාණ ඇපයට තියාගෙන මිනි මරණ එවුන්

    ReplyDelete
    Replies
    1. මොක්කුද මේ වයිධ්‍ය කියන්නේ.

      Delete
Previous Post Next Post