Oxford නාමල්ගෙන් සමාව අයදී...


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හට ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) ඇමතීමට නියමිතව තිබූ අවස්ථාව, ආරක්ෂක හේතූන් මත පසු දිනෙක පවත්වන බවට එම සංගමය දැනුම් දී තිබේ.

අදාළ දේශනය පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් සමාව අයැද සිටින ඔක්ස්ෆර්ඩ් සංගමය, පැමිණ සිටින පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව පවසයි.

එදින මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දැඩි ආරක්ෂක සහ මෙහෙයුම් අවදානමක් පවතින බවත්, මහා පරිමාණ විරෝධතා සහ බාධා කිරීම් සිදුවන බවට විශ්වාසකටයුතු තොරතුරු ලැබී ඇති බවත් සංගමය නාමල් රාජපක්ෂ මහතා වෙත දන්වා ඇත.

ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති කැතරින් යැං (Katherine Yang) මහත්මිය විසින් රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද විද්‍යුත් පණිවුඩයේ මෙසේ සඳහන් වේ.

"පවතින අවදානම් තක්සේරුවට අනුව, අමුත්තන්ගේ, දේශකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යෙදීම අදාළ ස්ථානයේ පවතින සීමාවන් තුළ ප්‍රායෝගිකව සිදුකළ නොහැකි මට්ටමක පවතී. එම උපදෙස් මත පදනම්ව සහ සහභාගී වන පිරිසගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් වූ අපගේ වගකීම පෙරදැරිව, මෙම වැඩසටහන වඩාත් ආරක්ෂිතව පැවැත්විය හැකි අනාගත දිනයක් දක්වා කල් තැබීමට අප තීරණය කර ඇත."

කේම්බ්‍රිජ් (Cambridge) සහ ඔක්ස්ෆර්ඩ් (Oxford) යන සංගම් දෙකෙහිම ආරාධනයකට අනුව නාමල් රාජපක්ෂ මහතා මේ වන විට එක්සත් රාජධානියේ රැඳී සිටියි. 

කෙසේ වෙතත්, දමිළ ඩයස්පෝරා කණ්ඩායම්වල දැඩි විරෝධතා හේතුවෙන් අදාළ ආරාධිත දේශන මෙලෙස ප්‍රමාද වීමට හේතු වී ඇති බව වාර්තා වේ.

13 Comments

  1. සුද්දන්ගේ ප්‍රජතන්තරවාදයේ හා ආරක්ෂාවේ දිග පළල ලොවට හෙලිකල රාජපක්ෂලා ....

    ReplyDelete
    Replies
    1. Thanikarama pacha news!!!

      Delete
    2. කොටි ඩයස්පෝරාව සමග ජෙප්පදු ඩයස්පෝරාවේ වැඩ කොහොමද?

      Delete
  2. What's the fuck? LTTE is proscribe organisation
    in UK. Why can't UK government take action.Are they scared of LTTE?

    ReplyDelete
  3. තාමත් LTTE එකට කඩේ යන හරක් ඉන්නවනේ

    ReplyDelete
  4. Mey para malimawata chandey dunna sinhala kuhakayoth demala dayaspora eka loku karan dagalanawa dakkama sinhala jathiya gana patta kalakirimak athiwuney. Thamangey walakapaganna ekama jathiya.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.තමන්ගේම රටට හානි කරන මේ ත්‍රස්තවාදීන් ලෙස සිටින ශ්‍රී ලාංකික පුරවැසිභාවය තියාගෙන රටට විනකරන සියලුම දෙනාට නැවත ලංකාවට නොඵන්නට ජනතාව වගබලාගතයුතුය.අනුර කුමාර නැමැති දේශදෝහි ජනපති අගමැතිනි උතුරට ගිහින් කරන පරගැති කථාවලට දමිළ කොටි ත්‍රස්තවාදීන් ඉන්නේ සතුටිනි.මෙය මහා පාවාදීමක්.විශ්වයට දැනෙනවා රටට අයහපත් දේ කරන අය ගැන.දඬුවම් ලැබෙන කාලය ඉදිරියේදී විශ්වය විසින් තීරණය කරනු ඇත.

      Delete
    2. රාජපක්ෂ විරෝධි ගොඩේ ගොඩක් ඉන්න සිංහලයෝ කුරුසයෝ. ගෝඨගේ කාලේ කරන්නම් වාරේ අරගල කරපු, අන්තිමට කාවද බලයට පත් කරන්නේවත් කියලා දන්නේ නැතුව දගලන උන් වගේ උන් ටිකක් කුරුසයෝ. උන් හිතන්නේ බෞද්ධයන් ලංකාවෙන් අතුගාලා දැම්මම උන්ගේ අරමුණ ඉටුකරගන්න පුලුවන් කියලයි. උනුත් අරගලයෝ මෝඩයෝ වගේ ඉස්සරහට හිතන්නේ නෑ. බෞද්ධයන් ලංකාවෙන් වදවෙලා ගිය ගමන් වෙන්නේ, කුරුසයෝ හින්දුන් එක්ක වළිදගන්න ගන්න එකයි. ඉන්දියාවේ තනිකරම තියෙන්නේ හින්දු, කුරුස, මුස්ලිම් වලි. ඉස්සරහට ලංකාවට වෙන්නෙත් මේකයි. බෞද්ධයන් වගේ නෙවෙයි, හින්දු උන්, මුස්ලිම් උන් කුරුසයන්ව කරකවලා ගනියි. එතකොට උන්ට තේරෙයි බෞද්ධයන් කොච්චර හොදද කියලා. අදටත් ඉන්දියාවේ කුරුසයන්ට නත්තල වත් ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල සමරන්න දෙන්නේ නෑ. සමහර අන්තවාදි හින්දු කණ්ඩායම් පල්ලි වලට පැනලා කුරුසයන්ට ගහන්නේ. මුස්ලිම් උන් ඊට වඩා හපන්. කෙලින්ම කුරුස ගෑණු උස්සගෙන ගිහින් කන්වේට් කරනවා. පකිස්ථාන් වල මේවගේ වැඩ හරියට වෙනවා.

      Delete
    3. Hariyatama hari eda udde kale dakune bomba pipuruwth me sinhala koti nisama thamai.JVP anduwa karanne sinhala bauddayanwa kotawla dekata kadanna.ethakota thamai unge pawathma thiyenne.dyaspora eken fund karanne ewata thama.ape sinhalayanta ewa pennena kohewath inna pakshayakata wahal wela.thamange jathiyatama kelawanawa.ewage haiya aran anur kumara uthure gihin baudayata kelawanawa.mewa therennathu mati harak rata hadanna kathakaranawa.jeevitheta hadanna ba lanakawa a thamnge jathiyatama kelawenakan balan innakan,

      Delete
  5. මම ත්‍රාඩයා කියන්නෙ මොන වගෙ කෙනෙක්ද කියල දැනන් හිටියෙ නැ. මෙ නිව්ස් ලියන එකාගෙ මූන දැක්කා නම් බලගන්න තිබ්බ ත්‍රාඩයා මොන වගේද කියල. ඌම ලියලා ඌම comment දානවා.

    ReplyDelete
  6. Anura kumara Commented. Hik jeppo

    ReplyDelete
  7. කාලකන්නි ජෙප්පො LTTE එක්ක එකතු වෙලා කරන ජරා වැඩ. නාමල්❤ do not worry. People love you. 🥰

    ReplyDelete
  8. Munge appala 2022 karapuwa amathaka wela ne apita. Jada madyawedinta puke amaruwa thibbata munwa genna minissunta amathaka ne.

    ReplyDelete
Previous Post Next Post