විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තීරණාත්මක තරගයකින් එංගලන්තය හමුවේ ලකුණු 51ක පරාජයක් විඳගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (22) සිදු විය. එංගලන්තය ලබා දුන් ලකුණු 147ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 16යි පන්දු 4කදී ලකුණු 95කට සීමා විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස් කළේය.
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පිල් සෝල්ට් පන්දු 40කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 62ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 26කට කඩුලු 3ක් දවාගත් අතර, දිල්ෂාන් මධුශංක සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසු කිරීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්හ.
නායක දසුන් ශානක පන්දු 24කදී ලකුණු 30ක් රැස් කරමින් යම් සටනක් ලබා දීමට උත්සාහ කළ ද අනෙක් අන්තයෙන් නිරන්තරයෙන් කඩුලු බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාව අසරණ විය.
එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 3ක් දවාගත් අතර, ජොෆ්රා ආචර්, ලියම් ඩෝසන් සහ ආදිල් රෂීඩ් කඩුලු 2 බැගින් දවාගනිමින් ජයග්‍රහණය තහවුරු කළහ.
- එංගලන්තය: 146/9 (20) - පිල් සෝල්ට් 62, විල් ජැක්ස් 21, දුනිත් වෙල්ලාලගේ 3/26
- ශ්‍රී ලංකාව: 95/10 (16.4) - දසුන් ශානක 30, කාමිඳු මෙන්ඩිස් 13, විල් ජැක්ස් 3/22

ලංකාවෙ කුරුමිට්ටන් රැලක් ක්‍රිකට් ගහන්නේ අනික් රටවල යෝධියන් වැනි උස ක්‍රීඩිකයන් සමගයි. අනික් කන්ඩායම් වල පිතිකරුවන් පවා සෙමෙන් පන්දු එවන විට අපේ කුරුමිට්ටන් එකෙකුටවත් හයේ පාරක් ගහන්නට හයියක් නැහැ. ඉතින් කොහොමද ලෝක ශූරතාවයක් දිනන්නේ ?
ReplyDeleteGanan ganna epa. Ratey naayakayath kurumittekne. Sapaththuvata laadan daagenane yanneth.
Delete