දිට්වා සුලි කුණාටුවෙන් නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පූර්ණ සහ අර්ධ හානි සිදු වූ නිවාස ඉදි කිරිම් සහ අලුත්වැඩියා කර ගැනීම සදහා 11 දෙනෙකුට වන්දි මුදල් පිරිනැමීම නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිදු කෙරිණ.
ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිර්දේශමත එම 11 දෙනාට පළමුවන අදියර යටතේ ආපදා කළමණාකරන ඒකකයේ නිර්දේශමත රු.ලක්ෂ 70ක ප්‍රතිපාදන ලබා දුන් අතර, ඉතිරි ප්‍රතිපාදන පුර්ණ වශයෙන් හානියට පත් නිවාස සුදුසු ඉඩමක අලුතින් ඉදි කිරිම ආරම්භ කිරිම සහ අර්ධ වශයෙන් හානියට පත් නිවාස අලුත්වැඩියා ආරම්භ කර ගැනිමෙන් පසුව ගෙවන බවයි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය කියා සිටියේ.
මෙම වන්දි මුදල් පිරි නැමිමේ අවස්ථාවට නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවීර ආරච්චි මහතා, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සහභාගි විය.
- රංජිත් රාජපක්ෂ
