බාල ගල් අගුරු නැව් 12කින් කෝටි 450ක් සමාගම ලාබ හොයලා..

 


ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ඉතා අඳුරු මොහොතකට ගමන් කරමින් සිටින බවත්, ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලියේ පවතින දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් ඉදිරි මාස තුන තුළ පමණක් රුපියල් බිලියන 21ක අමතර වැයබරක් ජනතාව මත පැටවීමට සූදානම් වන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

මහජන උපයෝගිතා කොමිසම විසින් පවත්වන ලද විදුලි ගාස්තු සමාලෝචන මහජන අදහස් විමසීමේදී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

මහජන උපයෝගිතා කොමිසමේ පුරෝකථන අනුව ගල් අඟුරු මගින් බලාපොරොත්තු වූ විදුලි ඒකක ප්‍රමාණයෙන් ගිගාවට් පැය 275ක අඩුවක් පවතින බව රණවක මහතා පෙන්වා දුන්නේය. 

මෙම හිඟය පියවා ගැනීමට තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන අතර, ඒ සඳහා තෙල් ලීටර් මිලියන 71ක් අමතරව අවශ්‍ය වේ. මෙය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දින 25ක සමස්ත ඩීසල් අවශ්‍යතාවයට සමාන බවත්, බාල ගල් අඟුරු ගෙන්වීම නිසා ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරි මාස තුනේදී පමණක් රුපියල් බිලියන 21ක අමතර මුදලක් වැය කිරීමට සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.

 ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ලබාදීම හරහා "ගල් අඟුරු මාෆියාව" විසින් නැව් 12කින් පමණක් රුපියල් කෝටි 450කට ආසන්න අයුතු ලාභයක් උපයා ඇති බව රණවක මහතා මෙහිදී චෝදනා කළේය. 

මෙම වංචාවේ වැයබර පාරිභෝගිකයා මත පැටවීමට කිසිසේත්ම එකඟ විය නොහැකි බවත්, සත්‍ය උත්පාදන පිරිවැය සහ වංචාවන් නිසා ඇති වූ අතිරේක පිරිවැය වෙන් කොට හඳුනාගත යුතු බවත් ඔහු කොමිසමෙන් ඉල්ලා සිටියේය.

 බාල ගල් අඟුරු දහනය නිසා සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් වැනි විෂ වායු පිටවීමෙන් කොළඹ අහස්තලය දූෂණය වී ඇති අතර, ඉදිරියේදී අම්ල වැසි සහ විවිධ රෝගාබාධ ඇතිවීමේ බරපතල අවදානමක් පවතින බව ඒ මහතා අනතුරු ඇඟවීය. 

මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන නිහඬව සිටීම කණගාටුදායක බවද ඔහු පැවසීය.

අසාධාරණ විදුලි ගාස්තු ප්‍රතිපත්තිය රජය ක්‍රියාත්මක කරන "ක්‍රෝස් සබ්සිඩි" (Cross Subsidy) ක්‍රමය දැඩි විවේචනයට ලක් කළ හිටපු ඇමතිවරයා, ඒකක 60ට අඩුවෙන් පාවිච්චි කරන පිරිමැස්මෙන් යුත් දුප්පත් ජනතාව මත වැඩි පිරිවැයක් පටවා, ඉහළ පරිභෝජනයක් සහිත පිරිස්වලට සහන සැලසීම සමාජ අසාධාරණයක් බව ප්‍රකාශ කළේය. 

දැනටමත් ලක්ෂ දහයකට අධික පිරිසකගේ විදුලිය විසන්ධි වී ඇති පසුබිමක, මෙවැනි "කුබේරවාදී" ප්‍රතිපත්ති පරාජය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

3 Comments

  1. අනේ මේ චම්පික
    උඹ ඉන්න කාලේ හදපු spec , tender specification ,tender condition , කිලෝ කැලරි renge නේ තියෙන්නේ.
    එහෙම අවහම අලාභය ගන්න හැටිද, දඩ අයකරගන්නා හැටිද තියෙන්නේ උඹ ඉන්න කාලෙම ගහපු tender condition නේ තියෙන්නේ
    ඉතින් ඒවායින් වෙන ලාභ ,අලාභත් වෙන්නේ ඒ වගේ තමයි.

    ටෙන්ඩර් එක දුන්නේ , ඒක evaluate කරේ technical evaluation commity එක නේ. එකේ ඉන්නේ උඹලගේ කාලෙම දාපු ටීම් එක නේ.
    කුහක ය. පුළුවන් නම් දාපන් නඩු ඉවරයි නේ

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කවදාවත් බාල ගල් අගුරැ ගෙනාවද බං. උඹලගෙ හොර නඩේනෙ ලංකාවෙ ප්‍රථම වතාවට මේ වගේ බාල ගල් අගුරැ ගෙනත් එ්කත් ජනතාව මත පටවන්න යන්නෙ. යකෝ මි හරකෙක් උනාට ඔය තරමි උම්බෑ ගාන්න එපා. මොලේ කලදක් තියේ නමි මේ මනුස්සයා කියන දේ තේරැම් ගන්න බලපං.

      Delete
    2. OKAMA KORANNADA AWE, UGANDA MALLI

      Delete
Previous Post Next Post