මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද දිනයේ පෙර නොවූ විරූ මට්ටමකින් ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම ඇමරිකානු සහ යුරෝපා වෙළඳපොළවල් ඉලක්ක කරගත් ප්‍රධාන තෙල් දර්ශකයන්හි මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.
අද දිනයේ වාර්තා වූ දත්තයන්ට අනුව ප්‍රධාන තෙල් වර්ග කිහිපයක මිල වෙනස්වීම්..
WTI Crude (ඇමරිකානු තෙල්): බැරලයක මිල ඇමරිකානු ඩොලර් 117.67 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඊයේ දිනයට සාපේක්ෂව 27.73% ක දැවැන්ත වර්ධනයකි.
Brent Crude (බ්‍රෙන්ට් තෙල්): ලෝක තෙල් මිල තීරණය කරන ප්‍රධාන දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් මිල 25.34% කින් ඉහළ ගොස් ඩොලර් 116.18 ක් ලෙස සටහන් විය.
Murban Crude: මැදපෙරදිග කලාපයේ නිෂ්පාදිත මර්බන් තෙල් මිලද 16.96% කින් ඉහළ ගොස් ඩොලර් 120.75 දක්වා ඉහළ ගොස් ඇත.
WTI Midland: වැඩිම මිල ඉහළ යාමක් පෙන්වමින් ඩොලර් 120.69 දක්වා මිල ඉහළ ගොස් ඇති අතර එය 30.17% ක ප්‍රතිශතාත්මක අගයකි.
තෙල් මිලට අමතරව ස්වභාවික වායු (Natural Gas) මිල 9.57% කින් සහ ගැසොලින් (Gasoline) මිල 15.71% කින් ද ඉහළ ගොස් ඇත.
අප්‍රේල් මාසය සඳහා වන තෙල් කොන්ත්‍රාත්තු යටතේ WTI Crude මිල ඩොලර් 120.00 සීමාව දක්වා තවදුරටත් ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇත.
මෙම තත්වය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. මැදපෙරදිග අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී.
පවතින මිල ඉහල යාම මත ලොව පුරා රටවල ඉන්ධන මිල පසුගිය මස පැවති මිල මෙන් දෙගුණයකට ආසන්න මිලකට ඉහල යාමට නියමිතය.


හොඳයි නේ, තව ගැහිල්ලක්
ReplyDelete