දින දහයකින් ගල් අගුරු නැවු නෑ.. යුද්දය නිසා සැපයුම්කරු ඉවත්වෙලාදැයි සැකයක්..


 අශිකා ජයවීර

මෙම වසරේ විදුලි ජනනය සඳහා ගල් අඟුරු නැව් 25ක් සැපයීමට ටෙන්ඩරය ලබාගත් ඉන්දියානු සමාගම මේ දක්වා ලංකාවට රැගෙනවිත් ඇත්තේ නැව් 13ක් පමණක් බවත් මේ වනව් විට ගෙවී අවසන්වී තිබෙන දින 10ක පමණ කාලය තුළ එක නැවක්වත් පැමිණ නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

මෙම ඉන්දියානු සමාගම ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා ප්‍රවාහන ගාස්තුව ලෙස ඩොලර් 15ක් පොරොන්දුවී තිබු නමුත් මැදපෙරදිග යුද්ධය නිසා නැව් ගාස්තු තවත් ඩොලර් 11 කින් පමණ ඉහළ ගිය නිසා සමාගම ගල් අඟුරු සැපයීම සඳහා වන ගිවිසුම කඩ කරමින් සැපයුමෙන් ඉවත් වීමට සූදානම් වනවාදැයි කියා සොයා බැලිය යුතු බවත් ඔහු කියා සිටියේය.

අප්‍රේල් මස අවසානය වන විට බස්නාහිර මුහුදේ වාරකන් සාමය ආරම්භ වන නිසා දැනටමත් ලංකාවේ ගල් අඟුරු සැපයුම අවදානමක තිබෙන බව ඊයේ [8 වැනිදා] කොළඹ පැවති උද්ඝෝෂණයක් අතරතුර මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේය.

2026 වසර සඳහා ගල් අඟුරු නැව් 25ක් සැපයීමට ටෙන්ඩරය ලබාගත් ට්‍රයිඩන්ට් චෙම්ෆර් ඉන්දියානු සමාගම සමස්ත ගල් අඟුරු සැපයුම අවදානමේ හෙළා තිබෙන බව පෙනී යන බවත් මෙහිදී ඔහු කියා සිටියේය.

Aruna

3 Comments

  1. ස්වභාව ධර්මය පාඩම් උගන්වනවා උද්ධච්ච එවුන්ට.

    ReplyDelete
  2. බාල ගල් අඟුරු හොයාගන්න අමාරුයි. තවම හොයනවා ඇති. හොඳ ගල් අඟුරු නම් හොයාගන්න ලේසියි.

    ReplyDelete
  3. වෙනත් ගැහිල්ලකට තටමනවා

    ReplyDelete
Previous Post Next Post