Aruna
රටේ ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට උපද්‍රවයක් විය හැකි ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීමේ අරමුණින් පුපුරන ද්‍රව්‍ය එකතු කිරීමේ යෙදී සිටි පුද්ගලයන් 15 දෙනකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් සන්තකයේ තිබී අත් බෝම්බ 100 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇතැයි ත්‍රස්ත මර්දන කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසෙන් හය දෙනකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයක් රඳවා තබා ගැනීමෙන් විමර්ශන සිදුකරන බව ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පේදුරුතුඩුවෙන්, වවුනියාව, කිලිනොච්චිය හා යාපනය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන මාණික් වාසම් ප්‍රියන් නොහොත් රවී යන අය විසින් විවිධ අපරාධයන් සඳහා අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය ද ඒකරාශී කර ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ අනුව සිදු කරන ලද විමර්ශනවලදී රවී සහ ඔහුගේ සහෝදරයා වන ප්රියන්ගේ පාර්ශ්වයට අත් බෝම්බ ලබා දුන් බවට අනාවරණය වී ඇත.
අනතුරුව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන විමර්ශන සිදු කරනු ලබන පුද්ගලයන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී රෙඩ්බානා කැලෑ ප්‍රදේශයෙන් හා තවත් ප්‍රදේශ කිහිපයක වළදමා තිබූ එම අත්බෝම්බ ලබාගත් බවට අනාවරණය වී ඇත.
එම අනාවරණයත් සමග ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සඳහා උතුරු පළාතට ගොස් එම සැකකරුවකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනාවරණය වූ කරුණු අනුව එල්ටීටීඊ සංවිධානය විසින් යුද්ධය පැවැති සමයේ සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය නීත්‍යනුකූල බලයක් නොමැතිව එකතු කිරීම, එසේ එකතු කරන ලද පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා රටේ ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට උපද්‍රවයක් විය හැකි ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් ඒවා වෙනත් පාර්ශ්වයක් වෙත ලබාදීම සහ එම තොරතුරු පොලිස් නිලධාරීන් හට ලබා නොදී වසංකිරීම යන චෝදනා සම්බන්ධයෙන් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
රැඳවුම් භාරයේ සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වන තොරතුරු අනුව තවත් සැකකරුවන්ට රැසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බිමල් ජයසිංහ - බණ්ඩාරගම

පොහොට්ටුවෙ එවුන් වෙන්ට ඇති. ආණ්ඩු පක්ෂයේ එහෙම අය නැහැනෙ 😁
ReplyDeleteරටේ ජාතික ආරක්ෂාවට කිසිම බලපෑමක් නැ.කවුද කියන්නේ.අපේ රටේ ජනපති තීරණ ගන්නේ කාගෙන්වත් අවසර ගෙන නෙවෙයි.ඔහු ඕනේනම් වැඩි ම වුනොත් පැය 11 නැතිනම් දවස් 11යි.චුට්ටක් ට්‍රම්ප් පණිවිඩයක් ඵවනකන් විතරයි.ඵ්ක මේ පොඩි හුණ්ඩුවක වැඩක්.
ReplyDeleteරටේ ජාතික ආරක්ෂාවට කිසිම බලපෑමක් නැ.කවුද කියන්නේ.අපේ රටේ ජනපති තීරණ ගන්නේ කාගෙන්වත් අවසර ගෙන නෙවෙයි.ඔහු ඕනේනම් වැඩි ම වුනොත් පැය 11 නැතිනම් දවස් 11යි.චුට්ටක් ට්‍රම්ප් පණිවිඩයක් ඵවනකන් විතරයි.ඵ්ක මේ පොඩි හුණ්ඩුවක වැඩක්.
ReplyDeleteaulkna ..uthure thiyana thawa army camp tikak galawal iwath karamu ..kotoyatapuluwan tharam udau karamu hunduwa vinasha karanna... Dobi jeppo
ReplyDeleteජූස් ක්‍රියාකාරකම් වැඩි වීමක් පේනවා
ReplyDeleteමෙතන කොටන ඩෝබින්ටවත් උන්ගේ මහා උන්ටවත් තේරෙන්නේ නැති දෙයක් තමයි දෙමලා උන්ගේ අරමුණ අතැරලා නෑ කියන එක.
ReplyDeleteමේකත් අර හැරී පොටර් එකේ හැරී කෑ ගගහ කියද්දී උන්ගේ ආණ්ඩුව හැරී පොටර්ව බොරු කාරය කියල හංවඩු ගැහුවේ.
අන්න ඒ වගේ. අන්තිමට කෙලලා අරිනකම් දන්නේ නෑ.