ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව පෞද්ගලික බස් ගාස්තු අවම වශයෙන් සියයට 15කින් පමණ ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
නව බස් ගාස්තු සංශෝධනය යටතේ අවම ගාස්තුව සහ දුර සේවා ගාස්තු ප්‍රමාණයන් අද (22) දිනයේ ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගත්තද, ඉහළ යන මෙහෙයුම් පිරිවැය හමුවේ ගාස්තු සංශෝධනයකින් තොරව සේවාව පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මේ වන විටත් පෞද්ගලික බස් රථ විශාල සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත්, සහනදායී පියවරක් නොගතහොත් ප්‍රවාහන සේවාව දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවත් සභාපතිවරයා අනතුරු ඇඟවීය.
බස් ගාස්තු වැඩි කරන තුරු පෞද්ගලික බස් රථ 90%ක් පමණ අද දිනයේදී ධාවනයෙන් ඉවත් වන බවත් විජේරත්න මහතා පැවසීය.
ඩීසල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 79කින් ඉහළ දැමීමට පියවර ගත් අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 382කි.
මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව නව බස් ගාස්තු ව්‍යුහය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවයි.
එම සංශෝධිත ගාස්තු සම්බන්ධයෙන් මේ වන විට අවසන් තීරණ ගනිමින් පවතින බව එහි අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.
ඩීසල් මිල ඉහළ ගිය වහාම බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මුලදී පියවර ගෙන නොතිබුණද, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

දැන් නම් හුත්ත මේ පකයා කොම්පැණි කාරයෝ කියනදේ විතරයි කරන්නේ . ජනතාව බල්ලට දාලා
ReplyDeleteමේ මිලට ඉන්ධන ගහගෙන වැඩට යන්න බැ . ළමයි වැන් වල ඉස්කෝලේ යවන්න බැ . පoති , ක්‍රීඩා පුහුණුවීම යවන්න බැ . පඩිත් වැඩි කරන්න . නැත්තං ගෝටා වාගේ 5000ක් දෙන්න
ReplyDeleteහෙට පාන් කියද ? හාල් කීයද ? සුපර් මාර්කට් වල බඩු අද අඩුවට ගත්තොත් විතරයි
ReplyDelete👉 “අරගල කාලේ ‘ඉන්ධන මිල අඩු කරනවා’ කියලා දුන්න show එක නම් Oscar-level performance එකක් නේ 😂. එදා "අපි වෙනස්’ කියලා" movie trailer එක දැම්මට, බලයට ආවම full movie එක වෙනම genre එකක් වෙලා. fuel price hike special edition එක 😏. පොරොන්දු ටිකට මතක අහිමි වීමක් වගේ දේකුත් වෙලා ඇති වගේ.
ReplyDeleteමෙහෙම තමයි නේ ‘වෙනස් දේශපාලනය’ කියන්නේ. release වෙද්දි hype, පස්සේ disappointment 😌. Anura Kumara Dissanayake මහත්තයාට පොඩ්ඩක්වත් self-respect තියෙනවා නම්, මේ script එක reset කරලා, පොරොන්දු ටික නැවත කියවලා බලලා, නැත්නම් role එකෙන් step down වෙලා audience එකට break එකක් දුන්නාම හොඳයි කියලා හිතෙනවා.” PLEASE GO AKD before AKD GO HOME movie comes to stage
රටේ යුද්ධේ වවාගෙන 40 වසරක් කාපු JVP පර බල්ලෝ දැන් ලෝක යුද්දෙනුත් වාවාගෙන කන්න හදන්නේ
ReplyDeleteකෙබර කොටා, ගංකබරයා හිතාගෙන ඉන්නෙ දවසකට පැයක් විතර පච ටොන් ගණනක් ඇදබෑවාම රට දියුණු වෙනවා කියල.
ReplyDelete