පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සඳහා දැනට ලබාදෙන සතිපතා ඉන්ධන කෝටාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
රජය විසින් දැනට නියම කර ඇති පොදු නීති රීතිවලට අනුව, සාමාන්‍යයෙන් මෝටර් රථයක් සඳහා සතියකට හිමිවන්නේ ඉන්ධන ලීටර් 15ක ප්රමාණයකි.
කෙසේ වෙතත්, දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹ පැමිණෙන සහ සිය ඡන්ද කොට්ඨාසවල රාජකාරි කටයුතුවල නිරත වන මහජන නියෝජිතයන්ට මෙම ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට මැති ඇමතිවරුන් රැසක් පෙන්වා දී ඇත.
දුර බැහැර දිස්ත්‍රික්කවල සිට පාර්ලිමේන්තු වාර සඳහා කොළඹට පැමිණීමට සහ යළි ගමන් කිරීමට ලීටර් 15ක සීමාව ප්‍රායෝගික නොවන බව ඔවුන්ගේ අදහස වී තිබේ.
පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මැති ඇමතිවරුන් සඳහා මෙම කෝටාව ඉහළ දැමීම හෝ විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇත.
කෙසේ වෙතත්, රටේ පවතින පොදු ඉන්ධන කළමනාකරණ ප්‍රතිපත්තිය හමුවේ මෙම තීරණය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත.

Why not use public transport?
ReplyDeleteAsk them to come in trains and busses
ReplyDeleteඅර්බුදය ඉවර වෙන කම් පාර්ලිමේන්තුව වසාතබනු.
ReplyDeleteසෞඛ්‍ය ඇමති කිව්වා වෛද්‍ය වරුන්ට බයිසිකලෙන් එන්න කියල. ඉතින් මේ අයත් බයිසිකලෙන් එන්න.
Deletegive them moterbikes
ReplyDeletewhy NOT bicycles
DeleteMotorcycles are better, since the mortality rate by accidents is very high for motorcycles.
Deleteපකයො ටික වැලිකඩ බෝඩ් කළා නම් පයින් හරි පුස් සයිකලේ හරි වැඩට යවන්න තිබ්බ
ReplyDeleteජනතාවට නැති දේවල් අපි ගන්නෙත් නැහැ කිව්වා වගේ මතකයක් තියෙනවා.
ReplyDelete