20%-30%කින් විදුලි බිල ඉහලට..?

 


ආණ්ඩුවේ ගල් අඟුරු ටෙන්ඩරය හරහා සිදුව ඇති මහා පරිමාණ දූෂණය හේතුවෙන් රජයට රුපියල් කෝටි 12,000ක් සහ 15,000ක් අතර දැවැන්ත පාඩුවක් සිදුව ඇති බවත්, මේ හේතුවෙන් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට විදුලි ගාස්තුව 20%ත් 30%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.

කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී 'මහජන හඬ' සංවිධානය විසින් පවත්වන ලද "මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු හොරකම" යන තේමාව යටතේ වූ සමුළුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ කැඳවන ගල් අඟුරු ටෙන්ඩරය වත්මන් රජය මාස හතරක් ප්‍රමාද කර ඇති අතර, සුදුසුකම් ලිහිල් කර හිතවත් සමාගම්වලට අවස්ථාව ලබා දී ඇත.

දින 42ක ටෙන්ඩර් කාලය දින 21කට අඩු කර කෘතිම හදිසියක් මවා පෑවද, ටෙන්ඩරය ප්‍රදානය කිරීමට මාස දෙකක් ප්‍රමාද කිරීම තුළින් කිසිදු හදිසියක් නොතිබූ බව පැහැදිලි වේ. මෙය දූෂණ විරෝධී පනතට අනුව වරදකි.

අවශ්‍ය ගල් අඟුරු නැව් 38ක් වෙනුවට මෙවර ආනයනය කළ හැක්කේ නැව් සීමිත සංඛ්‍යාවක් පමණි. ගල් අඟුරු හිඟය නිසා ජූලි මස සිට සැප්තැම්බර් දක්වා ඩීසල් මගින් විදුලිය නිපදවීමට සිදුවන අතර, ඒ සඳහා එක් නැවක් වෙනුවෙන් රුපියල් කෝටි 500ක් පමණ වැය කිරීමට සිදුවේ.

අඩු මිලට ගල් අඟුරු ලබා දෙන බව කීවද, බාල ගල් අඟුරු ලැබීම නිසා රජයට බරපතළ පාඩුවක් සිදුව තිබේ.

මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා චෝදනා කළේ, මෙම ගනුදෙනුව හරහා අදාළ සමාගම ඩොලර් මිලියන 27ක පමණ අයථා ලාභයක් ලබා ඇති බවයි. දැනට ගෙන්වා ඇති නැව් නවය මගින් පමණක් රජයට රුපියල් මිලියන 8,000කට අධික පාඩුවක් සිදුව ඇති බවද ඔහු පැවසීය.

3 Comments

  1. අනේ ඉතිං මොනවා කරන්නද? දෑත් දෙපරන්දෙ ගහගෙන උඩ බලාගෙන ඉන්න තමයි වෙන්නෙ. හානේ කරගත්තු දෙයක්. ගොංකමට බෙහෙත් තණකොළ තමයි. ලයිට් කණු වල එල්ලමු සිටි පිටින්ම

    ReplyDelete
  2. අපිට කෙලවුනත් කුරිරු සතුටක් එනව. අනුරයගෙ පච වලට රැවටිලා, මේ වගේ ගොබ්බ හොරු රැලක් පත්කරගත්ත අපේ 68 ලක්සෙ මතක්වෙනකොට...

    ReplyDelete
    Replies
    1. exactly, You reap what you saw

      Delete
Previous Post Next Post