වත්මන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතියද, ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන මිල ගණන් 2024 වසරේ මුල් භාගයේ වාර්තා වූ මිල ගණන්වලට වඩා තවමත් අඩු මට්ටමක පවතින බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
සිදුකළ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සාපේක්ෂව ස්ථාවර ගෝලීය වාතාවරණයක් පැවති 2024 වසරේ මාර්තු මාසයේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85ක් වැනි මට්ටමක පැවති බවයි.
එම කාලසීමාව තුළ මෙරට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 371කටත්, ඩීසල් ලීටරයක් රුපියල් 363කටත් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 262කටත් අලෙවි වූ බව ඔහු මතක් කර දුන්නේය.
කෙසේ වෙතත්, වත්මන් ගෝලීය දේශපාලනික අර්බුද සහ ප්‍රධාන බලශක්ති සැපයුම් මාර්ග ආශ්‍රිතව පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එවැනි අභියෝගාත්මක තත්ත්වයක් යටතේ වුවද, රජය විසින් ඉන්ධන මිල කළමනාකරණය කරමින් 2024 වසරේ මුල් භාගයේ පැවති මිල ගණන්වලට වඩා අඩු මට්ටමක දේශීය මිල ගණන් පවත්වා ගැනීමට සමත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ගෝලීය බලශක්ති අස්ථාවරත්වය හේතුවෙන් මහජනතාව මත ඇති වන පීඩනය පිළිබඳව රජය අවධානයෙන් පසුවන බවත්, රටේ බලශක්ති සැපයුමේ ස්ථාවරභාවය තහවුරු කරමින් ඉදිරියටත් මෙම තත්ත්වය ඉතා පරීක්ෂාකාරීව කළමනාකරණය කිරීමට පියවර ගන්නා බවත් අරුන් හේමචන්ද්‍ර මහතා අවධාරණය කළේය.

ඔච්චර අඩු නම් වැලලෙන්න හදන්නේ ඇයි පපෝ.
ReplyDeleteතොත් ඒ ආණ්ඩුවේද පකෝ
ReplyDeleteමුන්ගේ උද්ධච්ච කම..පර **lo.
ReplyDeleteඅම්මට සිරි .. මු තමයි නියම ගොයියා ... අනුරගේ පාපිස්සක් .. එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි ...
ReplyDeleteThopita Covid awanam koheda.. matakane thpi Rs 5000 gane gattha athal eke...
ReplyDelete