කොත්මලේ ජලාශය 20%ට බහී..


කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමග
(30) දින උදෑසන 6:00 වන විට එම ජලාශයේ ජල මට්ටම 21.8%ක් ඉතිරි වී ඇති බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.

සමස්ත ජලාශයේම ජල මට්ටම ඝණ මීටර් මිලියන 37.276ක් බවත්, ජලාශයේ පවතින ජලය විදුලි උත්පාදනය සදහා නිකුත් කරනු ලබන්නේ ජල පාලක ලේක්ම් කාර්යාලයෙන් බවයි එම නිළධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, එම ජලාශයට ඉහළින් වූ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටමද පවතින වියලි කාලගුණයත් සමග බැස ඇති බවයි එම නිළධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post