දැවැන්ත තෙල් නැවකට ප‍්‍රහාරයක්.. කුවේට් මුහුදම ගිනි ජාලාවක් වෙන්න යයි..

 


ඩුබායි වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ, පූර්ණ ලෙස බොරතෙල් පටවා තිබූ කුවේට් රාජ්‍යයට අයත් දැවැන්ත තෙල් ප්‍රවාහන නෞකාවකට පසුගිය සඳුදා ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත. 

මෙම ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ ගින්නක් හටගෙන ඇති අතර එහි බඳ කොටසට දැඩි හානි සිදුව තිබේ.

කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව උපුටා දක්වමින් එරට රජයේ පුවත් ඒජන්සිය වන KUNA වාර්තා කළේ, මෙම අනතුර හේතුවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ දැවැන්ත අවදානමක්  පවතින බවයි. 

ඩුබායි බලධාරීන් පවසන පරිදි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඩ්‍රෝන යානා මගිනි. 

නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා සමුද්‍රීය ගිනි නිවන කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී ඇති අතර, නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 24 දෙනාම ආරක්ෂිතව සිටින බවත් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඉශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව, පර්සියානු ගල්ෆ් කලාපයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ වාණිජ නෞකාවලට එල්ල වන ප්‍රහාර මාලාවක අලුත්ම සිදුවීම මෙය ලෙස සැලකේ. 

කුවේට් තෙල් සමාගම පවසන්නේ මෙය ඩුබායි වරායේ නැංගුරම් ප්‍රදේශයේදී එල්ල වූ "සෘජු සහ අනිෂ්ට" ඉරාන ප්‍රහාරයක් බවයි. 

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

මීට අමතරව, ලයිබීරියානු ධජය යටතේ ගමන් කළ 'Express Rome' නෞකාව අසලට ද හඳුනා නොගත් ප්‍රක්ෂේපණ දෙකක් පතිත වී ඇති බව වාර්තා වන අතර, බ්‍රිතාන්‍ය සමුද්‍රීය අවදානම් කළමනාකරණ ආයතනයක් වන Vanguard පෙන්වා දෙන්නේ මීට පෙර මාර්තු 11 වැනිදා එම නෞකාවට එල්ල වූ ප්‍රහාරයක වගකීම ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) භාරගෙන තිබූ බවයි

2 Comments

  1. ඉරානේ ජිහාඩ් හමබ් ඌරෝන්ට නියුක් එකක් හරි දාලා ඉවරයක් කරපල්ලාකෝ මේ කරුමේ

    ReplyDelete
Previous Post Next Post