අද පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිතුමා මාධ්‍ය හමුවක් පවත්වලා තමන් කරන දානමය පුණ්‍ය කර්මයක් පිළිබඳ ජාතිය දැනුම්වත් කළා. ඒ තමයි පෙට්‍රල් ලීටරයක් රුපියල් 430ක් පිරිවැය වුණත් විකුණන්නේ රුපියල් 398කටලු. ඒ වගේම රුපියල් 587ක් පිරිවැය වන ඩීසල් ලීටරයක් තමයි රුපියල් 382ට විකුණන්නේලු. එහෙම බලන කොට නම් තෙල් සංස්ථාවේ සභාපතිතුමා අපි ගැන අනුකම්පා කරලා දැවැන්ත දානමය පිංකමක් කරන බව පේනවා. නමුත් වෙළඳපොලේ මිල ගණන් එක්ක මේ සංඛ්‍යා ගැලපෙන්නේ නෑ.
සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල දර්ශකයේ මාසික සාමාන්‍ය අනුව තමයි තෙල් සංස්ථාව පෙට්‍රල් සහ ඩීසල් සැපයුම්කරුවන්ට මිල ගෙවන්නේ. 2026 මාර්තු මාසයේ පෙට්‍රල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 130යි. ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයක මිල වෙන්නේ රුපියල් 253යි. නැව් ගාස්තු, රක්ෂණය සහ සැපයුම්කරුගේ ලාභය එකතු කළත් මේක 253 සිට 430 දක්වා මිල වැඩි වුණේ කොහොමද? ඒ වගේම 2026 මාර්තු මාසයේ ඩීසල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 150යි. ඒ කියන්නේ ලීටරයක මිල රුපියල් 292යි. එහෙම නම් සභාපතිතුමා කියන විධියට පිරිවැය 587ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වුණේ කොහොමද?
මාලිමාවේ නායකයෝ කියන පච දිහා බැලුවාම සභාපතිතුමා කියන්නෙත් ටොම් පචයක් කියලයි අපට හිතෙන්නේ. ඒ නිසා පෙට්‍රල් සහ ඩීසල් මිල ගණනය කරපු විධිය දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ නිසා බොරු ඉලක්කම් කියලා ජනතාව රවටන්නේ නැතිව තෙල් සංස්ථාවේ මිල සූත්‍රය වහාම ප්‍රසිද්ධ කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.
තෙල් මිල මෙතරම් වැඩි වුණේ ලෝක වෙළඳපොලේ මිල ඉහළ නිසා නොවේ. ආණ්ඩුව දැවැන්ත බද්දක් අය කරන නිසා. ඒ බද්ද අඩු කළා නම් ජනතාවට සහන මිලට තෙල් මිල දී ගන්න පුළුවන්. ලෝකයේ තෙල් මත ඉහළ බදු තිබුණු රටවල් විශාල ගණනක් ඒ බදු අඩු කරලා ජනතාවට සහන දීලා තිබෙනවා. උදාහරණයක් විධියට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්විඩනය, නෝර්වේ, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය ආදි වශයෙන් යුරෝපය සෑම රටක්ම වගේ බදු අඩු කළා. ආසියාවේ රටවල් ගත්තොත් ඉන්දියාව, තායිලන්තය, ජපානය, දකුණු කොරියාව, පිලිපීනය ඉන්දුනීසියාව වගේ රටවල් ඉන්ධන මත බදු අඩු කරලා තිබෙනවා. බංගලිදේශය සහ මැලේසියාව ඉන්ධන සහනාධාර ලබා දීලා.
ඒ නිසා අපේ ආණ්ඩුවටත් ඉන්ධන මත තිබෙන දැවැන්ත බදු අඩු කරලා සහනාධාරයක් දෙන්න කියලා අපි බල කරනවා. මොකද වෙන වසරවල වගේ නොවේ 2025 දී අපට බදු පිට බදු ගහලා භාණ්ඩාගාරය පිරෙව්වා. ඒත් ආණ්ඩුවේ ආකාර්යක්ෂමතාවය නිසා ඒවා වියදම් කරන්න බැරි වුණා. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වචන වලින් කියනවා නම් භාණ්ඩාගාරය පිරිලා ඉතිරෙන්න සල්ලි තිබෙනවා. ඒ නිසා ඉන්ධන බදු අඩු කරන්න කිසිම ප්‍රශ්නයක් තිබෙන්න බෑ.
තෙල් සංස්ථාවේ සභාපතිතුමා කියනවා ජනතාව පෝලිම්වල ඉඳලා අප්‍රමාණව තෙල් මිල දී ගත්තු නිසා තෙල් අවසන් වුණාලු. ඇත්තෙන්ම ඩීසල් තොගය ඉවර වුණේ ජනතාව අප්‍රමාණව තෙල් මිල දී ගත්තු නිසා නොවේ. බාල ගල්අඟුරු වලින් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය වෙන කොට ඒ අඩුව පියවන්න ඩීසල් විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න වුණු නිසා. ඒ නිසා බාල ගල්අඟුරුවල බර පැන යුද්දේ පෙන්වලා ජනතාව මත පටවන්න එපා කියන අනතුරු ඇඟවීම ආණ්ඩුවට කරනවා. යුද්දේ වෙනයි. සුද්දේ වෙනයි. යුද්දයේ බර ජනතාව දරන්න සූදානම් වුණත් කුමාරවරුන්ගේ සුද්දේ බර දරන්න ජනතාව සූදානම් නෑ.
2022 ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ආණ්ඩුව මේක සංසන්දනය කරන්න උත්සාහ කරනවා. ඒක දෙයාකාරයකින් වැරදියි. එක පැත්තකින් 2022 දී බොරතෙල් මිල ඩොලර් 139ට ගිහින් දීර්ඝ කාලයක් ඉහළ මිල ගණන් වල තිබුණා. නමුත් 2026 දී මාර්තු 9 තෙල් මිල ඩොලර් 119ක් වෙලා පහුවෙනිදාම ඇදගෙන වැටුණා. ඒ නිසා 2022 ඇති වුණු අර්බූදය අදට වඩා දරුණුයි.
අනිත් පැත්තෙන් 2022 දී තෙල් මිල වැඩි වීමට වැඩියෙන්ම බලපෑවේ ඩොලරය ඉතාම කෙටි කාලයක් ඇතුලත රුපියල් 185 සිට 370ට වැඩි වීමයි. එතකොට තෙල් මිල වැඩිවීම අපනයනකරුවන්ට ලොකු බලපෑමක් ඇති කලේ නෑ. එක පැත්තකින් තෙල් මිල වැඩි නිසා පිරිවැය වැඩි වුණා. අනිත් පැත්තෙන් ඩොලරය ඉහළ ගිය නිසා ආදායම වැඩි වුණා. නමුත් දැන් තෙල් මිල වැඩි වුණාට ඩොලරය වැඩි වෙලා නෑ. ඒ නිසා අපනයන ආදායම වෙනස් නොවී තිබිය දී තෙල් මිල නිසා පිරිවැය වැඩි වෙලා. එතකොට ආණ්ඩුව මේ පිරිවැයෙන් කොටසක් දරා ගත්තේ නැතිනම් අපේ අපනයනකරුවන්ට ලෝක වෙළඳපොලේ තරග කරන්න බැරි වෙනවා. මේ ගැන ආණ්ඩුවේ ඉක්මන් අවධානය යොමු නොකලොත් අපනයන වෙළඳපොල කඩා වැටිලා එක පැත්තකින් අපිට ඩොලර් ඉපැයීම් නැති වෙන කොට අනිත් පැත්තෙන් ලක්ෂ ගණනකට රැකියා නැති වේවි.

ගිහිල්ලා අහ ගනින් ට්‍රම්ප් අප්පච්චි ගෙන්.
ReplyDeletedobi eka PACH KOTAGEN ahanna
Deleteඅඩේ මෝඩය CPC එක කෝටි 90,000ක් ණය කරපු සුත්‍රය එලියට දාපං
ReplyDeleteගොන් බූරුවා , අඩුම ගානේ තොපි මාස 3ක් තෙල් තියාගන්න පුළුවන් විදියට ටැංකි ටිකක් වත් හැදුවද
කෝටි 90,000ක් ණය වෙලා, නටපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ
රට බංකොලොත් කරපු සුත්රයත් දාපන් කාලකන්නිය
තොපි හොරා කාල නැතිබන්ගස්ථාන කරපු රටේ පරිප්පු කන්නේ අපි
SAPA nam gewapan
Deleteමේකා ඛනිජ තෙල් ඇමැති කාලේ තෙල් නැව් එනකං මාස ගණන් බලන් ඉන්න වුණා. මේවා අපට හොඳට මතකයි. ඒ කාලේ හැටියට තෙල් වැඩිම මුදලකින් වැඩි කළෙත් මේතුමාගේ කාලේ. ඒකාලේ මේතුමාට ගාමිණි ලොකුගේලා සාගර කාරියවසම්ලා දාපු පාට් මතකද දන්නේ නැද්ද. රෙදි ඇදගෙනද නාමල්ගේ පස්සේ යන්නේ.
ReplyDeleteමේකා ඛනිජ තෙල් ඇමැති කාලෙ ලංකාවේ ගෑස් තිබෙන ් මුහුදේ බිම් කොටස් මැනලා වෙන්දේසි කරලා රටේ සියලුම ණයත් සියලූ ණය ගෙවලා රටේ අනාගතයටත් බිලියන් ගාණක් ඉතිරි කරනවා කියලා පම්පෝරි ගැහැව්වනේ අඩුම ගානේ ඔබතුමා රෙදි ඇදගෙනද මාධ්‍යයට ඇවිල්ලා කතා කරන්නේ. පරණ ගොන්නු දැන් මේ රටේ නෑ.
ReplyDeleteමේ පිස්සව වාඩි කරන්න
ReplyDelete