මෙරට විදුලි පරිභෝජන රටාව විධිමත් කිරීම සහ නව බලශක්ති ගබඩා පද්ධති හඳුන්වා දීම හරහා ඉදිරි පාලන කාලය තුළ විදුලි බිල සැලකිය යුතු මට්ටමකින් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
පවතින බලශක්ති අර්බුදය සහ අනාගත සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වර්තමානයේ පස්වරු 6.00 ත් රාත්‍රී 10.00 ත් අතර කාලය තුළ විදුලිය සඳහා උපරිම ඉල්ලුමක් පවතින බවයි.
විශේෂයෙන්ම විදුලි මෝටර් රථ (EV) භාවිතා කරන්නන් කාර්යාල නිමවී පැමිණ මෙම කාලය තුළ සිය වාහන ආරෝපණය කිරීම හේතුවෙන් පද්ධතියට මෙගාවොට් 300 කට ආසන්න අමතර ඉල්ලුමක් එක්වී ඇති බව හෙතෙම සඳහන් කළේය.
ඊයේ පස්වරුවේ මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.
"අපේ රටේ සවස 6 ත් රාත්‍රී 10 ත් අතර තමයි වැඩිම විදුලි ඉල්ලුම එන්නේ. මේ ඉලෙක්ට්‍රික් කාර්, විදුලි කාර් පාවිච්චි කිරීම නිසා ගොඩක් අය වැඩ ඇරිලා ගිහිල්ලා 6 - 10 අතර තමයි චාජ් කරන්නේ . ඒ නිසා මීට පෙරට වඩා මෙගා වොට් 300 කට ආසන්න අමතර විදුලි ඉල්ලුමක් 6 - 10 අතර මතුවෙලා තිබෙනවා. ඒක තමයි අපිට තියෙන ප්රශ්නය. සියලු බලාගාර විදුලිය ජනනය කිරීම සඳහා උපයෝගි කර ගන්නවා. හැබැයි දවල් කාලයේ අපිට විදුලි අතිරික්තයක් තිබෙනවා. එනිසා මම විදුලි කාර් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ වාහනය දවල් කාලයේ චාජ් කරන්න කියලා. අපි ඇත්තටම හඳුන්වා දෙන්න යන ස්මාට් මීටරයක් තියෙනවා. ස්මාර්ට් මීටරය ගෙනාවට පස්සේ අපි මිල අගයන් දෙකක් දෙනවා. දවල් කාලෙට එක මිලක්, 6 - 10 කාලයට තව මිලක්. අපේ අවශ්‍යතාව තමයි දවල් කාලයේ වැඩිපුර විදුලිය පරිභෝජනය කරන්න ඕන.
අපිට දවල් කාලයේ විදුලි අතිරික්තයක් තියෙනවා. සමහර දවස් වල, සෙනසුරාදා ඉරිදා අපිට සූර්ය බලශක්ති සැපයුම් කරුවන්ගෙන් විදුලිය මිලදී ගන්න බැරි තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. අපි විශාල ලෙස සූර්ය බලයෙන් විදුලිය හදාගෙන ගියා ගබඩා කිරීමේ පහසුකම් නැතුව. විදුලිය කියන්නේ ඒ වෙලාවේ හදලා ඒ වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ දෙයක්. ඒ නිසා දවල් හැදෙන විදුලිය ඒ වෙලාවට පාවිච්චි කරන්න බැරි වෙනවා නම් අපිට අතිරික්තයක් තියෙනවා. දැන් අපි ටෙන්ඩරයක් කැඳවලා තියෙනවා මෙගාවොට් එකසිය හැටක බැටරි පද්ධතියක් (Battery Storage) සඳහා. ඒක දුන්නා නම් මාස හයක් ඇතුළත ඒ බැටරි සවි කරයි. එතකොට අපිට පුළුවන් මේ දවල් කාලයේ නිෂ්පාදනය කරන විදුලිය ඒ බැටරිවල ගබඩා කරලා රාත්‍රී 6 - 10 ඇතුලත ගන්න. තවත් අපි වැඩ සටහනක් හදාගෙන යනවා මෙගාවොට් හාරසීයක බැටරි ගේන්න. එතකොට අපිට දවල් නිෂ්පාදනය කරන විදුලිය ගබඩා කරලා 6 - 10 ඇතුලත ගන්න පුළුවන්. ඒවා තමයි අපේ සැලසුම්. අපේ සැලසුම් ක්‍රියාත්මක වීගෙන යනවා. ඒ නිසා තමයි මම කියලා තියෙන්නේ විදුලි බිල සැලකිය යුතු අඩුවීමක් කරනවා කියලා. මම ඒක වගකීමෙන් කියනවා, අපේ මේ පළමු පාලන කාලය තුළ විදුලි බිලේ සැලකිය යුතු අඩුවීමක් අපිට කරන්න පුළුවන්"

විදුලි කාර් වලින් වැඩට ගිය කෙනාගෙ කාර්එක තියෙන්නෙ කාර්යාල භූමියේ. ඒ කාලයේ කාර්එක චාර්ජ් කරනවනම් කරන්ඩ වෙන්නෙ කාර්යාලයේ විදුලියෙන්. එතකොට ඒකටත් යන්නෙ බදු ගෙවන්නගෙ මුදල්. නියමම උපදේශය.
ReplyDeleteදැන් තමයි මුන්ට බැටරි ගහන්න මතක් වෙලා තියෙන්නෙ. ගල් අඟුරු, ඩීසල් වලින් හොඳට ගහගෙන ඉවර වුනාම තමයි බැටරි ගේන්නෙ.
Deleteකමක් නෑ ඉතින් කෝටි 1800ක් පක්ශ අරමුදලට දා ගත්තම 159ටම පරම්පරා 3කට ඇති.
පිස්සෙක් රජ වෙලා විදින දුකක් ජනතාව
ReplyDeleteමේගොල්ලන්ගෙ නැකැත් වලට වැඩ අල්ලන්න එපා. හෙන මූසලයි.
පිස්සෙක් රජවුනත් එකයි. රජාට පිස්සු හැදුනත් එකයි.
Deleteඅනිවාර්යෙන්ම, අපි මුන්ගේ නැකැත් පිලිපදින්නෙ නැහැ.
Deleteපල්ලියේ නැකැත් අපිට එපා. අපි බෞද්ධයො දුන්න නැකැත් පිලිගන්නවා.
ජනාධිපති නියමය අනුව කාර් එකේ බැටරිය දවල්ට චාර්ජ් කරන්න ඕන නිසා, රෑ 6න් පස්සේ රාජකාරියට වාර්තා කරන්න.
ReplyDeleteදවල්ට චාජ් කොරල රෑට වැඩට පලයල්ල.
ReplyDeleteහුන්ඩු මොළ
ReplyDeleteහිස් හුණ්ඩු
DeleteCan charge at office. But will need payable charging infrastructure.
ReplyDeleteThe information given by the President is already public knowledge (except hundu dobis). What president should give is a practical solution. Not just say 'charge during day time'. Payable charging stations at office parking.
දැන් සෑහෙන්න තැන්පත් වෙලා.....
ReplyDelete300 මෙගාවොට් ගියාට ඒ වාහන නිසා ඉතුරු වෙන ඉන්ධන, එතකොට අවම පරිසර හානියක් පිටරටට යන අනිකුත් ඩොලර් , ඔයිල් වගෙ දේවල් වලට, අමතර කොටස් ආදි ලෙස, සියාල්ල ඉතුරුයි. ඔය 300න් 130ක් විතර හරි ටෙන්ඩර් එකකින් ගල් අගුරු ගෙනාවනම් , නොරොච්චොලෙන් ලැබෙනව. අපෙ වාසනාවට එක තාම බිද නොවැටුනෙ.. දැනට නම් සැකයක් එනවා, මෙව බිද වැට්ටෙව්වෙ දැනට පාලනයෙ ඉන්න අයගෙ කට්ටියද කියලත්... කොහොම උනත් ඊයෙ ජාතිය අමතල පැයක් විතර අපරාදේ. සරලයි
ReplyDelete