පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්‍ය හමුවේ දී ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා ගම්මන්පිල 27 දා නඩුවෙන් අත්අඩංගුවට පත් නොවුණොත් 31දා පාස්කු මහ මොලකරු හෙලි කරාවි යැයි කිව්වා. පුළුවන් නම් 27දාට මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියලා මම නලින්ද ඇමතිතුමාට අභියෝග කරනවා. හය පාරක්ම අත්අඩංගුවට ගන්න හදලා දැන් හති වැටලා වැඩේ අත් හැරලා කියලා අපි හිතුවේ.
ගරු ඇමතිතුමනි, මම අත්අඩංගුවට පත් වෙන්න හොරකම් මැරකම් සල්ලාලකම් කරලා නෑ. ආණ්ඩුවට අයිති බෝල්පොයින්ට් පෑනක්වත් ගෙදර ගෙනිහින් නෑ. ඒ නිසා ඔබතුමාලගේ ඇමතිවරුන්ගේ මට්ටමින් මාව මනින්න එපා කියලා ඉල්ලා සිටිනවා. අපි වැරදි වැඩ කරලා නැති නිසා තමයි කොන්ද කෙලින් තියාගෙන ඔබතුමාලාගේ ආණ්ඩුව බලයට පැමිණි දවසේ ඉඳන්ම වැරදි දේට වැරදියි කියන්නේ.
ඔබතුමාලා බොරු චෝදනා මත අත්අඩංගුවට අරගෙන උසාවි ඉදිරිපත් නොකර රැඳවුම් නියෝග මත මිනිස්සු තියා ගන්න රුසියොනෙ. පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ යන දෙදෙනාටම කලේ ඒකනේ. ඒ නිසා මහ මොලකරු හෙළි කරන එක නවත්වන්න බොරුවට අත්අඩංගුවට ගන්න පුළුවන් බව අපි දන්නවා. ඒකට අපි සුදානම්. අපි අත්අඩංගුවේ හිටියත් නිදහසේ හිටියත් මහ මොලකරු හෙළි කරන පොත මාර්තු 31දාට නිකුත් වෙනවා. ඒ වගේම මා ජීවතුන් අතර සිටියත් නැතත් මහ මොලකරු හෙළි කරන පොත මාර්තු 31දාට දොරට වඩිනවා.
අද රහස් පොලිසිය මේජර් ජනරාල් සුරේෂ් සලේගේ පවුලේ අයට ඔහුව බලන්න දෙන්නේ නැතිව දස වද දෙනවා. ගෙදර අය එන දවසටවත් ගෙදරින් කෑම එකක් ගේන්න දෙන්නේ නෑ. හැබැයි ඊබ්‍රහීම් නානා රැඳවුම් නියෝග යටතේ ඉන්න කොට නම් රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඒ අයට රජ සැප දුන්නේ. 2019 රාමසාන් දිනයේ දී ඊබ්‍රහීම් පවුලෙන් රැඳවියන් ඔක්කෝටම තරු පහේ හෝටලයකින් දවල් කෑම ලබා දුන්නා. ඒ විතරක් නොවේ. රහස් පොලිස් නිලධාරින්ටත් එදා දවල් කෑම ඊබ්‍රහීම් නානාගේ පවුලේ අයගේ අනුග්‍රහයෙන්. මම මේ කියන්නේ කටකතා නොවේ. පාස්කු විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පොලිස් රැඳවියෙකු වුණු නාමල් අත්තනායක දිවුරුම් පිට ලබා දුන්නු ප්‍රකාශයේ මේක සඳහන් වෙන්නේ. විමර්ශන කොමිසමේ 2020 දෙසැම්බර් 18 සාක්ෂි සටහන් වල 108 පිටුව බැලුවොත් ඕනෑම කෙනෙකුට මේක දැක ගන්න පුළුවන්. රවි සෙනෙවිරත්නලා ශානි අබේසේකරලා ත්‍රස්තවාදින්ට රජ සැප දෙන අතරේ රණවිරුවන්ට අපා දුක් දෙන කොට මේ අය නියෝජනය කරන්නේ කාවද කියන එක කාටත් හිතා ගන්න පුළුවන්.
මාර්තු 31 නිකුත් කරන පොතේ මතු කරන එක් වැදගත් කාරණයක් තමයි බුද්ධි නිලධාරින්ට නීතිමය රැකවරණ ලබා දිය යුතුයි කියන එක. ඇමෙරිකාව සහ ඉන්දියාව වැනි රටවල බුද්ධි නිලධාරින්ට නීතිමය රැකවරණයක් තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම නෑ. සොනික් සොනික් කියන්නේ මුස්ලිම් අන්තවාදින් අතර අන්තවාදියෙකු වගේ සිටිය බුද්ධි නිලධාරියෙක්. නමුත් එයාගේ අනන්‍යතාවය රහස් පොලිසියේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා හෙලිදරව් කරනවා. ඒක ජීවිතය අනතුරේ හෙලන හෙලිදරව්වක්. මේක ඇමෙරිකාවේ දී කළා නම් ශානි මහත්තයාට අවුරුදු 10ක සිර දඬුවම් නියම වෙනවා. ලංකාවේ දී කරපු නිසා ශානි වෙනුවට සොනික් සොනික්ට හිරේ ඉන්න වුණා.
මීට කලින් 2002 දී පොලිසිය විසින් මිලේනියම් සිටි ආරක්ෂිත නිවසක් වට කරලා බුද්ධි නිලධාරින්ගේ අනන්‍යතාවය හෙලිදරව් කලා. මුතාලිෆ් වගේ ශ්‍රේෂ්ඨ රණවිරුවන් කොටින්ට දඩයම් කරන්න පුළුවන් වුණේ පොලිසිය විසින් අනන්‍යතාවය හෙලි කිරීමෙන්. නිලාම් වගේ රණවිරුවන් සදහටම රට දාලා ගියේ ඒ පාවාදීම නිසා. ශානිලා රවිලා නියෝජනය කරන්නේ ඒ පාවාදීමේ වර්තමාන පරම්පරාව. ඒවා මාර්තු 31 නිකුත් වන පොතේ තිබෙන නිසා තමයි පොතට බය වෙලා මේ දඟලන්නේ.

Thank you Udhaya for exposing these bastards.
ReplyDeleteඅප්පට හුඩු. එහෙනම් රවියයි ශානියයි ඊබ්‍රහිම් නානගෙන් හලාල් බුරියානි කාල තියෙනව.
ReplyDeleteකාඩිනල් තමා මහ මොලකරු දෑන ගන්න අකමෑතිම ....
ReplyDeleteඅපේ සිරිල් ගාමිනියා තමයි මහමොල කරු.
Deleteහොරගෙඩියා වගේ ඉඳගෙන පොත විකුණගන්න මාකටිං ට්‍රික්ස් ඔක්කෝම එලියට දානව නේ.
ReplyDeleteඅමුතුවෙන් ට්‍රික්ස් දාන්ඩ ඕනෑ වෙනඑකක් නෑ, මේ පොතත් අර විමල්ගෙ " 9 සැඟවුන කතාව" පොතවගේම උණුකැව්ම් වගේ විකිනෙයි.
Deleteගෝඨා කියලා නම් කියන්ඩ එපා ලොක්කා ඈ, සී නිවුස් බලන වුන්ගේ ඇට දෙක පැලිලා මැරෙන්නේ.
ReplyDeleteඑහෙනම් ඉතිං උඹෙත් ඇට දෙක පැලෙන්ඩ ඕනෙ, මොකද උඹත් සී නිවුස් බලනව විතරක් නෙමේ දවස ගානෙම පච හොන්ඩරයක් විතර
Deleteමෙතන කොටනවනෙ
නෑ පච කොටන්නේ මම නෙවේ, මගේ කීර්ති නාමයට හානි වන අයුරින් අනිත් එකාලා තමයි පච කොටන්නේ. මම කියන්නේ ඇත්ත පමණයි.
Deleteඅසව්! අසව්!! අසව්!!!, මෙන්න මේ පචෝරිස්ටත් කීර්තිනාමයක් තියෙනවලු.
Deleteබොරු? කවද්ද යකෝ මං බොරු කිව්වේ? තොපිව වහල්කමින් මුදවන්ඩ වෙර දැරීමේ උත්සාහයට අපහාස කරන්ඩ එපා. රාජපක්ස ගෙදර දංකුඩ කන කුක්කො ටික.
Deleteගලප්පත්තිගෙ කීර්තිනාමයත් හරියට වේසගෑණිගෙ පතිවත වගේම තමයි.
Deleteඅප්පට හුඩු! උඹ දැන් කී දෙනෙක්ව විතර පචවිදල වහල් කමෙන් මුදෝගන තියෙනවද?
Deleteඇමරිකාවට ගැහුවා, ප්‍රන්සෙට ගැහුව, ඉන්දියාවට ගැහුව. ඔස්ට්‍රේලියාවට ගැහුව, ගැහුනෙ අන්තවාදි තම්බි කායල පිලිගත්තා. උන්ට දඩුවම් දුන්නා. නැවත නොවෙන්න නීති ගෙනාව. අපේ උන් තාම ඒක අල්ලන් දුවනව මහින්දව හරි ගෝටව හරි අල්ල ගන්න. හැබැයි නිකමට හරි ඒක එහෙමයි කියල හිතුවත් මහින්ද තමයි පොරවල්. මොකද නානසාරල, සරති වීරසේකරල. ජයසුමනල. වීරවංසල වගේ අන්තවාදි සිංහලයන්ගෙ නායකයො දිනවන්න මුස්ලිමි කොල්ල ටිකක් මරාගෙන මරවන්න පුලුවන් කියන්නෙම පට්ට වැඩක්… සරලව කිව්වොත් මුන් කියන්නෙ තම්බිනිට හොදම එකෙන් කෙලවන මහින්දල දිනවන්න අල්ලාහු අක්බර් කියල අන්තවාදි මුස්ලිම් උන් ටිකක්ම මරාගෙන මැරිල. අනික මැරුන උන් කන්න බොනින නැතිව හිටිය ආන්ඩුවෙ ඇමතිල මගේ නෙවෙයි. උගත් කෝටිපති කොල්ලො. උන්ට මහින්ද දිනවන් මරාගෙන මැරෙන්න තිබ්බ හේතුව පොඩ්ඩක් කියන්න බලන්න
ReplyDeleteහොරාට කලින් කෙහෙල් කැන වැට පණිනවා කියන්නේ ඕකයි. පොඩ්ඩක් හිටපන්කෝ මේ ගොම්මන්පිළයා කියන්නේ කාගෙ නමද බලන්ඩ. බැරි වෙලාවත් ගෝඨාගෙ නම නොකියා වෙන එකෙක් ගේ නම කියයිද කවුද දන්නේ. පා.ච. රණවකගෙ නම නම් කියන එකක් නෑ, දැන් දෙන්න පොඩ්ඩ පොඩ්ඩ යාලුයි. වෙන මොකෙක්ගේ හරි නමක් කියයි. (හැබැයි අමතක කරන්ඩ එපා, පලස්තීනේ පාරකුත් තියෙනවා මහින්ද රාජපක්ෂ ස්ට්‍රීට් කියලා නම් කරපු. පලස්තීන මිත්‍රත්ව සංගමයේ සභාපති ත් මහින්ද, අවුරුදු දශක ගාණක් තිස්සේ. හැම එක්සත් ජාතීන්ගේ සැසි වාරයකදීම පලස්තීනය වෙනුවෙන් පෙනී හිටියා. යහපාලන ආණ්ඩුව ආව විතරයි ලංකාව පලස්තීනයට උදව් කරණ එක නතර කලා යූ.එන්. එකේදී. ඉතින් ඒ නිසා මහින්ද බලයට ගේන්ඩ මුස්ලිම් අන්තවාදීන් බෝම්බ පිපිරෙව්වා වෙන්ඩත් පුළුවන්. ඒත් තවම කියලා නෑ නේ, බලමුකො කවුද කියලා, දැන්ම කලබල නොවී හිටපල්ලා කෝ. හැබැයි මේ ගොම්මන්පිළයා ඇත්තක් කියනවා මම අහලා නෑ.).
Deleteගොම්මන්පිළයා ඇත්තක් කියනවා අහලා නැතුවට අපි දවස ගානෙම මේ ගලප්පත්තියගෙ ඇත්ත අහනව.
DeleteMeke comment karana buruwanta pissu.. Oya gommanpilage katha hodai nidannga yanakota danna...Anthimata Kandak wili lala Meepatiyek wadai...Anthimata nikanma nikan hulan thama
ReplyDelete