ලංවිම බිලියන 32ක දැවැන්ත ශුද්ද අලාභයක් ලබයි..

 


2024 දී ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය, 2025 වසර අවසාන වන විට යළිත් දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව එම මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දෙයි.

2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා මණ්ඩලය රුපියල් බිලියන 32.5 ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇත.

2024 වසරේ රුපියල් බිලියන 565.3 ක් වූ මණ්ඩලයේ මුළු ආදායම 2025 වසරේදී රුපියල් බිලියන 436.1 දක්වා 23% කින් පහළ බැස තිබීම මෙම පාඩුවට ප්‍රධානතම හේතුව වී තිබේ.

එසේ වුවද, විදුලිය උත්පාදනය සහ බෙදා හැරීම සඳහා යන පිරිවැය (Cost of Sales) රුපියල් බිලියන 438.7 සිට රුපියල් බිලියන 452.8 දක්වා 3% කින් ඉහළ ගොස් ඇත.

වාර්තාවට අනුව මණ්ඩලයේ පරිපාලන වියදම් ද 15% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් බිලියන 22.8 ක් ලෙස සටහන් වේ. මීට අමතරව බැංකු ණය සහ අනෙකුත් මූල්‍ය පහසුකම් සඳහා ගෙවිය යුතු මූල්‍ය පිරිවැය (Finance Cost) රුපියල් බිලියන 31 ඉක්මවා තිබීම මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සහ ලංකා කෝල් සමාගම වැනි ආයතන ද ඇතුළත් කරමින් ගණනය කළ "සමූහ" (Group) මට්ටමේදී අලාභය රුපියල් බිලියන 12.8 ක් දක්වා අඩු වී ඇත්තේ අනෙකුත් අනුබද්ධ සමාගම් ලැබූ ලාභය හේතුවෙනි.



3 Comments

  1. මිනිස්සු අඩු උනේ නැනේ. පරිභෝජනය අඩු උනාද? අදායම් අඩු උනේ කොහොමද? බිලත් වැඩි උනා නේද? පිරිවැය වැඩි වෙන එක හිතාගන්න පුළුවන්.
    අදායම් අඩු උනාද... හොරකම් උනාද?
    නැත්නම් විකුනන්න ඕන හින්ද බොරුවට අදායම් අඩු කරලා පෙන්නවද?

    ReplyDelete
    Replies
    1. අපි බොරු කියන්නේ නෑ
      වඳුරෙක් පැන්නනේ.
      ඉතින් ඒ අලාබෙ තමා

      Delete
  2. මේ ආන්ඩුව හොරකන් කරන්නෙ නැති පට්ට සිරා වැඩ්ඩො කියල හිතාගෙන ඉන්න සෙට් එකක් තාම ඉන්නව.

    ReplyDelete
Previous Post Next Post