වෙළඳපොළේ මේ වන විට කිරි සම්බා සහල් සඳහා දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
පවතින සහල් හිඟය හමුවේ ඇතැම් වෙළඳුන් කිරි සම්බා කිලෝවක් රුපියල් 400 ඉක්මවූ මිලකට අලෙවි කරන බවට ද චෝදනා එල්ල වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සඳහන් කළේ, කිරි සම්බා සඳහා පවතින පාලන මිල ඉවත් කරන්නේ නම් සහල් මිල ඉහළ යාම යම් මට්ටමකට පාලනය කළ හැකි බවයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දැනට පවතින පාලන මිල පනවා ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර බවයි.කිරි සම්බා කිලෝවක් රුපියල් 260ක මිලකට ලබා දීමට නම්, ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මිල සහ නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු විය යුතු බවයි.
සහල් මෝල් සඳහා වැය වන විදුලි පිරිවැය ද ඉහළ මට්ටමක පවතින බව ඔහු සඳහන් කළේය.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ පැරණි මිල ගණන් යටතේ සහල් ලබා දීම ප්‍රායෝගික නොවන බැවින්, වෙළඳපොළේ මෙම අර්බුදය නිර්මාණය වී ඇති බව සහල් නිෂ්පාදකයෝ අවධාරණය කරති.

me paraya awa dawase idan minisunta duken inne - makabawiyan ikmanata
ReplyDeletedadlige hotale ain kalane!!!!!!!!!!!!
ReplyDeletesahal mafiyawa nathi kalane
katata dapan batala kola
තව වරක් හයියෙන් මේසෙට ගසන්න මහේන්ද්‍ර ප්‍රසාදිනී තුමනි
ReplyDeleteඅන්න හරි, එතකොට කීරි සම්බා 500 පනිනව. මරේ මරු.
Delete