ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව මෙරට ඩීසල් ලීටරයක මිල රුපියල් 260කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 140කින් ඉහළ දැමිය යුතුව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංස්ථාවේ සභාපති D J A S De S රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ, බලාපොරොත්තු නොවූ අයුරින් ඉතා ඉක්මනින් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුව ඇත්තේ පවතින ගෝලීය තත්ත්වය මත බවයි.
විශේෂයෙන්ම යුදමය වාතාවරණය ආරම්භ වූ මුල් දිනවල ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගනිමින් පෝලිම්වල සිට ඉන්ධන රැස් කිරීම හේතුවෙන්, සංස්ථාව සතුව තිබූ ඉන්ධන සංචිත සීඝ්රයෙන් අවසන් වීම මෙම තත්ත්වයට ප්‍රබල හේතුවක් වූ බවද ඔහු පෙන්වා දුන්නේය.
සභාපතිවරයා ඉදිරිපත් කළ දත්තයන්ට අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 430ක පිරිවැයක් දැරීමට සිදුවුවද, එය දැනට අලෙවි කරනු ලබන්නේ රුපියල් 398ක මුදලකටය. ඒ අනුව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 32ක පාඩුවක් සංස්ථාව ලබයි.
ඩීසල් සම්බන්ධ තත්ත්වය වඩාත් බරපතළ වන අතර, එහි පිරිවැය රුපියල් 586ක් වුවද දැනට අලෙවි කරන්නේ රුපියල් 382කට පමණි. ඒ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 204ක විශාල පාඩුවක් සිදුවන බව සභාපතිවරයා අවධාරණය කළේය.

පාහර, ත්‍රස්තවාදී ජෙප්පා 🤮😡
ReplyDeleteකෙබර කොටා, ගංකබරයා හිතාගෙන ඉන්නෙ දවසකට පැයක් විතර පච ටොන් ගණනක් ඇදබෑවාම රට දියුණු වෙනවා කියල.
ReplyDeleteඔය kasakarayo. පෙරහැර ඉස්සරහට.
ReplyDeleteඔය kasakarayo. පෙරහැර ඉස්සරහට.
ReplyDelete