මිලියන 60 කතාව බොරුවක්.. ආණ්ඩුව තමන් කියපු ඔප්පු කරවා ගන්න ආයතනන මෙහෙයවනවා..


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එයාබස් ගණුදෙනුවෙන් මිලියන හැටක අල්ලස් මුදලක් ලබා ගත් බවට එල්ල වන චෝදනා, වත්මන් රජය සිය නොහැකියාව වසා ගැනීමට එල්ල කරන තවත් එක් මඩ ප්‍රහාරයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මිලියන 60ක මුදලක් ගැන සමාජයේ කතාබහක් ඇති කිරීමට රජය උත්සාහ කරමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 

රජය විසින් සිදු කරන ලද ගල් අඟුරු වංචා, සීනි ගණුදෙනු සහ ජාතික ආර්ථිකය කඩා වැට්ටවීමේ වගකීමෙන් මිදීමට රජය මෙවැනි පරණ බොරු නැවත කරළියට ගෙන එන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ නොහැකියාව වහගන්න උත්සාහ කරනවා. තමන් කලින් කියපු බොරු ටික අධිකරණය හෝ ස්වාධීන ආයතන ලවා ඔප්පු කරවන්න බලහත්කාරයෙන් සහ බය කරලා ප්‍රකාශ ලියා ගන්නා බවක් පේන්න තියෙනවා. මේක හරියට යහපාලන ආණ්ඩුව කාලේ කරපු දූෂණ මර්ධන කමිටුවේ ක්‍රියාකලාපය වගේමයි."

පොලිස්පතිවරයා මාලිමාවේ පොලිස්පතිවරයෙකු ලෙස නොව ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙස සාධාරණව කටයුතු කළ යුතු බවත්, මෙවැනි මිලියන 20 කතා හදාගෙන ගියහොත් මීට පෙර පැවසූ ඩොලර් බිලියන 18 කතාව කිසිදා ඔප්පු කිරීමට නොහැකි වනු ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

රජය පොරොන්දු වූ පරිදි සහන මිලට තෙල් ලබා දීමට අපොහොසත් වී ඇති බවත්, අද වන විට ලෝක වෙළඳපොළ මිලට වඩා ඩොලර් 45ක් වැඩියෙන් ගෙවා ඩීසල් මිලදී ගන්නා බවත් ඔහු චෝදනා කළේය.

රජයේ ගල් අඟුරු වංචාව සහ අකාර්යක්ෂමතාවය නිසා වැඩි වූ විදුලි බිල සහ තෙල් මිල ජනතාව මත පටවා ඇති බව පවසන මන්ත්‍රීවරයා, රාජපක්ෂවරුන්ට මඩ ගැසීමෙන් පමණක් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව ද ප්‍රකාශ කළේය.

6 Comments

  1. දාන්න පුළුවන් හොඳම තර්කෙ - ඩොලර් බිලියන 18 තියන මට රුපියල් මිලියන 60 මොකක්ද?

    ReplyDelete
  2. උසාවිය තීරණය කරයි.තෝ ඉස්සර නොවී හිටු.

    ReplyDelete
    Replies
    1. පල ලපයගෙ පස්ස ඉබින එවුන්

      Delete
    2. උසාවි ගියොත් නිකම්ම නිදොස් වෙලා නිදහස් වෙනවා. ඊට කලින් පුළුවන් තරම් මඩ ගහන්න ඕන නේද... නොදකින් කාලකන්ණි.

      Delete
  3. රතු ලපයගෙ නොහැකියාව වසාගන්න රට බේරගත්ත නායකයින්ට ගරහනවා. ඉස්සෙල්ල තෝ බාල ගල් අගුරු ප්‍රශ්නෙ විසදපිය. තොපි හදපු එක ගමක පාරක් කියපිය. අදි වේගී මාර්ග පෝට් සිටි ගුවන් පාලම් වරාය ගුවන්තොටුපොලවල් තොපිට ඉරටුවලින්වත් හදන්න බෑ. සක්කිලි ආන්ඩුව

    ReplyDelete
  4. තමන්ගේ නොහැකියාව වහගන්න උත්සාහ කරනවා....me wacahana peliya nathuwa muta bath kannawath kata arenne nathuwa athi....ara minihagen baya karala me nam ahagaththa nam lawyer kaala awama kiyanna thibune nadda...edama me kathawa media walata kiyanna lawyer ge kate pittuda? dan okkoma mattu wela iwarai...pawulatama nithiya hamuwe aththama kiyanna wenawa.

    ReplyDelete
Previous Post Next Post